IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි

(අංජුල මහික වීරරත්න)

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  මහතා පැවසීය.

ඒ සදහා මේවන විට විශේෂ ව්‍යාපෘති සැලසුම් කර තිබෙන බවත් ඊට අදාළ නියමු ව්‍යාපෘති මාතලේ සහ ගාල්ල යන දිස්ත්‍රික්ක පදනම්  කරගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

මෙරට රජයේ ප්‍රධාන රෝහල් වල බාහිර රෝගී අංශ වල සහ සායන වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම්, ග්‍රාමීය  රෝහල් වලට අවශ්‍ය මානව හා භෞතික පහසුකම් ලබා දී එම රෝහල් ශක්තිමත් ලෙස සංවර්ධනය කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වලයා සඳහන් කළේය.

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට ද අවශ්‍ය පහසුකම් ලබා දී එම සේවාව තවතවත්  විධිමත් ලෙස පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  මහතා පැවසීය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අවධාරණය කරන ලද්දේ   උතුරු මැද පළාතේ  පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි රෝහල් කිහිපයක සහ එම දිස්ත්‍රික්ක දෙකට අදාළ දිස්ත්‍රික් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ කාර්යාල වල පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම් වලින් අනතුරුව අදහස් දක්වමින් ය.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැලිකන්ද මූළික රෝහල, පොලොන්නරුව මහ රෝහල සහ චීන ශ්‍රීලංකා මිත්‍රත්ව වෘක්කවේද රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල පවතින මානව හා භෞතික සම්පත් වල අඩුපාඩු සොයා බලා විසදුම් ලබා දිය හැකි ගැටලු වලට විසදුම් ලබා දීමටද පියවර ගත්තේය. 



අදහස් (0)

ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site