
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳුමක් ලෙස කරුණු 10 කින් යුත් යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට අද (18) පස්වරුවේ ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ නියෝජිතයෝ අද පස්වරුවේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
අමාත්‍ය අනුකමිටුවේ සාමාජිකයන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය:
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය සාකච්ඡාවේදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන සති කිහිපයක් තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා ආදායම හම්බකරගත් අයට කිසිදු ආදායමක් නැතිවිය. රජය සේවක වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ගෙවමින් ඔවුන්ගේ සේවය නිසි අයුරින් නියාමනය නොකරන ලදී. මෙම කාලය තුල නියාමනය නොකළ ගණයට අධ්‍යාපන සේවය ඉහලින්ම වැටේ. මන්ද යත් කොරෝනා උවදුර නිසා අනෙක් සියලු අංශ අභිමවා දැනට වසර එකහමාරක් පමණ නිසි අයුරින් ක්‍රියාත්මක නොවූ අංශය පාසල් පද්ධතියයි. මේ පිළිබද සොයා බලා කටයුතු කරන්න.