(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ රස පරීක්ෂක ධුරයේ වැඩ බැලීමට එහි අතිරේක රස පරීක්ෂක ගෞරී රාමනා මහත්මිය පත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස කටයුතු කළ ඒ. වැලිඅංග අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් අද (5) විශ්‍රාම ගියේ ය.
රස පරීක්ෂක වැඩ බැලීමට පත් කර ඇති ගෞරී රාමනා මහත්මිය ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරිනියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ නඩු වසර ගණනාවක් ඇදි ඇදී යාමට හේතු වන "රස පරීක්ෂක වාර්තාව මෙතෙක් නොලැබීම" කියන කියමන මෙතුමියගේ පාලනය යටතේවත් අසන්නට කියවන්නට නොලැබේ යයි පතමි.
රසය රසය හැටියට මිස අරය මෙයා කැමති රසය නොවේවා! එතුමියට සුබපැතුම්!
හමුදාවේ එක්කෙනෙක් දැම්ම නම් නරකද?