
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බියගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ජීප් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන ගුරු යුවළක් අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 37 සහ 32 හැවිරිදි ගුරු වෘත්තියේ නියුතු යුවළකි.
පහර කෑමට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ සැකකාර ගුරුවරයා එකම විදුහලේ සේවය කරනු ලබන අතර සැකකාර ගුරුවරිය ප්‍රදේශයේ වෙනත් පාසලක සේවය කරන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහර කෑමට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් සැකකාර ගුරුවරයාගේ බිරියට දුරකථන ඇමතුම් ලබාදී සැකකාර ගුරුවරයා පාසලේ ගුරුවරියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට පවසා ඇති අතර පසුව සැකකාර ගුරුවරයා සහ ඔහුගේ බිරිය එක්ව නියෝජ්‍ය විදුහල්පතිවරයා පැහැරගෙන ගොස් පහර දීමට සැලසුම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
866
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගුරු යුවළ නි.විදුහල්පති පැහැරගෙන ගොස් පහරදීලා
බකල ජයා Sunday, 09 February 2025 01:32 PM
විෂය නිර්දේශය යාවත්කාලීන කරන්න එක්ක ගිහින් තියෙන්නේ. පොලිසිය ක්‍රියාකරනවා වගේමයි. කිසිඳු පහරදීමක් සිදුව නැහැ. යාවත්කාලීන කරද්දී පොඩි සීරීම් සහ තැලීම් දෙක තුනක් ඇතිවෙලා තියෙනවා. එච්චරයි.
nimal Sunday, 09 February 2025 10:31 PM
ගුරුවරයාගේ අනියම් සම්බන්ධය මුවාවෙන් විදුහල්පති මොකට අර අන්දාවත් දෝ?
Lalla Monday, 10 February 2025 10:49 AM
ඌ ගුටි කෑමට නියමිත එකෙක්නේ. සෙට් එක තැලුවේ නැති එක වැරදි. ඕපාදූප පතුරවන එවුන්ට ගුටිකෑම හිමියි.