
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ශික්ෂණලාභී ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍යවරිය කීවාය.
විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
"සේවයේ සිටින ගුරුවරු විශ්‍රාම යාම නිසා පාසල් පද්ධතියේ පවතින ගුරු පුරප්පාඩු, දුෂ්කර ප්‍රදේශ වල පවතින විෂය විවිධත්වය යන කරුණු සියල්ල සලකා බලනවා. විෂය මට්ටමින් ගුරු පුරප්පාඩු ගණනය කර විද්‍යාපීඨ මට්ටමින් එකවර බඳවා ගැනීමට පවතින පහසුකම්ද සලකා බලා ශික්ෂණලාභීන් බඳවා ගැනීම තීරණය කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බඳවාගැනීම් වලටත් කලින් ගුරුවරියන්ට බොන්න වතුර ටිකක්, වැසිකිලි කැසිකිලි පහසුකම් ටිකවත් හදලා ඉන්න. දන්න නිසා කියන්නේ, ගුරුවරියන් පුදුම දුකක් විඳින්නේ ආපු අලුත දුෂ්කර සේවයට දාලා. අලි ඉන්න පාරවල් වල, පැය දෙක තුන යන තත්ත්වයන් සමථයකට පත් කරන්න. ගුරු නේවාසික පහසුකම්, ආරක්ෂාව ඇති කරන්න. ඉස්කෝලවල වතුර බොන්නවත් බෑ. ටොයිලට් යන්නැතුව දවසම තද කරගෙන ඉන්න වෙලා තියෙන්නේ. මහ පාපයක් ගෙවනවා වගේ ගුරුවරයෙක් වෙන එක, උපාධියකුත් තියාගෙන. ඒ නිසා ඒ දේවල් හදලා බඳවා ගන්න. අද කාලේ ඉගෙන ගත්ත කෙනෙක් ඔය දුක විඳින්නේ නෑ.