(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ඡන්දපොළ දකින්නේ අපායක් වගේ යැයි ද මැතිවරණ කොමසාරිස් පේන්නේ යම රජ්ජුරුවෝ වගේ යැයිද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුවට ඡන්දදායකයන් පේන්නේ යමපල්ලෝ වගේ යැයි කී කරුණාතිලක මහතා කොයි මොහොතේ ඇද වැටෙයි ද නොදන්නා වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ආණ්ඩුවක් සෞභාග්‍යමත් රටක් ගැන කතා කිරීම විහිළුවක් බව කීය.
රාජපක්ෂලා පටලවපු දේශපාලන නූල් බෝලෙ කොනක් හොයන්න ජනාධිපතිතුමා හිතුවාට මේ නඩේ එක්ක එතුමාට ඒක කවදාවත් කරන්න බැරි බව පේන්න තියෙන බවද කරුණාතිලක මහතා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd