
(අංජුල මහික වීරරත්න)
රජයේ මුල්‍ය කාර්ය සාධනය පිළිබඳ 2024 හතර වන කාර්තුවේ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53 (1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45 කට නොඅඩු කාලයක් තුළ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
එම විධිවිධාන පරිදි 2024-12-31 දිනෙන් අවසන් වන 2024 හතරවන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය 2025-02-14 දින හෝ ඊට පෙර අමාක්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ 2024 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල දක්වා ඇති වර්ගීකරණයන් මත පදනම් ව 2024-12-31 දිනෙන් අවසන් වන හතරවන කාර්තුව දක්වා සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තා කරන ලද සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1787
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිය වසරේ ආදායම් - වියදම් වාර්තාව ඇමති මණ්ඩලයට