
(අංජුල මහික වීරරත්න)
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජා.ජ.බ මැයි රැලියේදී පැවසීය.
ගාලු මුවදොර මෙච්චර ලස්සනට තිබිලා නෑ කවදාවත්. මේ මැයි දිනය අපේ අරගලය සමරන දිනයක් බවටත් පත්ව තිබෙනවා.මේ සෙනඟ දැක්කාම දෙසැම්බර් මාසේ, නොවැම්බර් මාසේ ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්න අයට මොනව හිතෙනවද දන්නෑ.අද ලෝකයේම ප්‍රගතිශීලී බලාපොරොත්තුව තිබෙන්නේ ලංකාව ගැනයි.
ඔබ දශක ගණනාවක් තිස්සේ කළ අරගලයක ප්‍රතිඵල අද අත් විඳිනවා.මෙහි රැස්ව සිටින්නේ අප රටේ ඉතිහාසය වෙනස් කළ පිරිසක්.මේ දශක ගණනාවක් තිස්සේ මොනතරම් මර්දනයකට ලක් වූ ව්‍යාපාරයක්ද? යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
කොළඹ ගෝල් පේස් පිටියේදී මෙම මැයි රැලිය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාවැකිය කෙසේ වෙතත් මැයි රැලිය දිහා බැලුවම පේනවා දැන් ආණ්ඩුව කරන්නේ මාලිමාව නෙමෙයි තනිකරම ජෙප්පො කියලා. ඔවුන්ගේ මාලිමා වෙස් මුහුණ දැන් ගැලවිලා. උතුරු කොරියන් මොඩල් එකෙන් ඔයාටත් ලඟදිම ෂොට් එක ලැබෙයි.
AKD කියපු එක අනාවැකියක් හරි ගියාට, හරි නොගිය අනාවැකි සිය ගණනක් පසුගිය චන්ද කාලවලදී , මාළිමා වෙදිකා වලින් අපට අහන්නට ලැබුණේ නැද්ද? වීරොදාර, සටන්කාමී මාළිමා අපෙක්ෂකයින් මැතිවරණ වෙදිකා දෙදරවමින්, උගුර ලේ රහ වනතුරු බෙරිහන් දෙමින් කරපු ප්‍රධාන "අනාවැකිය", කලක් ගියත් "හරි" (නි) නොගිය බව ඇයට අමතක උනාට රටට අමතක නැත. වසර ගණනාවක සිට රටට පිළිලයක්ව තිබූ මැදමූලන රාජපක්ෂලා ගැන මාළිමාව චන්ද වෙදිකා වලදී කරපු අනාවැකිය හරි (නි) නොගියේ කාගේ, මොන අපලයකටද ? "මැදමුලන හැරමිටි මයිනාගෙ පවුලේ චෞර පොරවල්" තවමත්, නිදැල්ලේ, නිරුපද්‍රිතව ශපාන් එකේ වැජඹෙන්නේ කොහොමද ?
මාලිමාවට ඡන්දය දුන් තරුණ ප්‍රජාව විදියට අපිට ඇත්තටම සතුටුයි!
සිහිනෙන් විතරක් බොරු නොකියන...
කොහොමත් ලංකාවේ මෝඩයෝ අනාවැකි වලට හරි ආසයිනේ...
බොරු කියලා මිනිසුන්ව මුලා කරපු නිසා. බුරම්පියා තවම ඒක වෙනස් කරලා නත. කොතන ගියත් පච විදින එක තමා කරන්නෙ.