
(ගයාන් සූරියආරච්චි)
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (9) පෙරවරු 10.00 ට පමණ පෙනී සිටි ගම්මන්පිල මහතා සවස 1.00 ට පමණ ඉන් පිටව ගියේය.
එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා කියා සිටියේ බහාලුම් 323 හි නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන අතර මේවන විට සිද්ධීන් 6 ක් ප්‍රසිද්ධ කර ඇති බවත් ඒවා මෙතෙක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ය.
වචනයක් වැරදුණු විට අප අල්ලා ඇතුළට දාන්න ආණ්ඩුව උත්සාහ කරන බවත් ඒ සෙල්ලම් අපත් සමග බැරි බවත් කී ගම්මන්පිල මහතා මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් රටින් පැනයාමේ උත්සාහයක් පවතින අතර ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් පැවැසීය.
මෙම බහාලුම් 323 සම්බන්ධයෙන් පැමිණිලි මීට මාස 4 කට පමණ පෙර පොලිසියට ඉදිරිපත් කර මුත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් ගෙනැවිත් ප්‍රශ්න නොකර ප්‍රශ්නය ගැන කතා කරන අයගෙන් ප්‍රශ්න කරන බවද කී ගම්මන්පිල මහතා කියා සිටියේ අපේ කටවල් වහන එක ආණ්ඩුවට ලෙහෙසි නොවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් මොකක්හරි හොයලා ඇතුලට දායි වගේ ළඟදීම
මෙම ආණ්ඩුවේ වැඩ සියල්ලම සිදුවන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය පටහැනිව
මම ඇල්වතුරත් කූල් කරලා බොන්නේ, එච්චරටම කපටි, අහිංසක, දුෂිත, අවංක, සැදැහැවත්, හොරෙක්.
මේකා කියපු පාස්කු ප්‍රහාරයේ විස්තර ටික දැන් එළියට දාලා ඉවරයිද? ජනාධිපතිට ගේනවා කියපු දෝෂාභියෝගයත් ගෙනැල්ලා ඉවරද? මෙයාගේ කයිවාරුව විතරක්, කිසිම වැඩක් බෑ...!
මේ කපටි ඇට්ටර ලෝකෝත‍්තර ගොයිය මොකක් හරි ටොම් පච කුජීත කතාවක් කියලා ආණ්ඩුවට දොස් කියලා නිකම් කුජීත වෙලා වීරයෙක් වෙන්න හදනවා. කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්. කියන්න ලැජ්ජයි.
කොහොමද රජය ඔහොම විශ්වාසයෙන් බොරු කියන්නේ. විධායක බලතල සහිත දූෂිතයින් අල්ලන්න ආව ජනාධිපතිටත් කොකා පෙන්නපු බන්ධනාගාර නිලධාරීන් ඉන්න රටක, කොලේ තියෙන දේවල්ම ගෙනාව කියන්නේ කොහොමද? යුද්ධ කාලේ ආයුධ ආවේ නැහැ කියන කතාවත් බොරු.
අයියෝ වහන්න කටක් තමයි... ඒකනේ ජනතාව ඔයාලව එලවලාම දැම්මේ
මෙයාගේ හිනාවෙන්ම පැහැදිලි වෙනවා... කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් කියලා...
ඉඳලා හිටලා එළියට ඇවිල්ලා ලොකු සද්දයක් එක්ක පිට කරලා යන එක තමයි මෙයා කරන්නේ.
මොහු කියූ පරිදි සාමාන්‍ය නිෂ්කාශන ලැයිස්තුවක් පමණි. කීවේ නම් බහාලුම් සියල්ලේ අන්තර්ගත බඩු මොනවාදැයි දන්නා බවයි. වෘත්තීය සමිති පවා දීලා තොරතුරු ලැබුණේ ඔවුන්ගෙන් කියා අනිත් ලැයිස්තුව අර්චු සහ රිළාසිරි එළියට දායි...
මේ මනුස්සයා මිනිස්සුන්ගේ අවධානය ගන්න මොකක් හරි ඔහේ කියවනවා. එකක්වත් වැඩකට ඇති ඩීල් නෙමෙයි... කෝ අර පාස්කු අපරාධකාරයින්ගේ නම් එළියට දානවා කීවා. මිනිස්සුන්ගේ අවධානය ගන්න දැන් ඉතින් තියෙන්නේ එයාගේ ඒවා එළියේ දාගෙන පාරේ යන්නයි. ඒක විතරයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ. ඔය බොරු වැඩ වෙනුවෙන් කාලය කනවාට වැඩිය හොඳ නැද්ද පුරන් කුඹුරකට බැස්සානම් උදැල්ලක් අරන්...