(විනීතා එම් ගමගේ)
ත්‍රිකුණාමල තෙල් ටැංකි හා අක්කර 33000 ක් ඇමරිකාවට බදුදීමට තමන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවත් එසේ ඉදිරිපත් කළේ නම් එහි පිටපතක් ඉදිරිපත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාට අද භියෝග කළේය.
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස පෙනී සිටිමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් පිළිබඳ බොරු වැලක් ප්‍රකාශ කර ඇතැයි ද ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ්රිත අක්කර 33,000ක් ඇමෙරිකාවට බදු දෙන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ඔහු තමන්ට චෝදනා කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය 2003 දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතාට නොතේරිමෙන් පෙනී යන්නේ 2003ට 35ක් එකතු කළ විට පිලිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 බවත් එතුමා නොදන්නා බව යැයි ද ඔහු කීය.
ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුත්තේ වරාය ඇමති මිස බලශක්ති ඇමති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන වසන්ත සමරසිංහ මහතා නොදැන සිටීම හාස්‍යජනක යැයි ද ඇමෙරිකාවට බදු දීමට තබා දේශීය අවශ්‍යතාවයකට භාවිතා කිරීමටවත් බලශක්ති අමාත්‍යාංශය සතුව ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක් නොමැති බවත් අක්කර 33,000ක් යනු ගම්මාන රාශියක් පුරා පැතිරෙන දැවැන්ත ඉඩමක් බවත් සමරසිංහ මහතාගේ සාමාන්‍ය දැනීම සඳහා දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කරන්න බැරි ගෝතයින් වට පිට ඉන්න අපතයින්ට චැලෙන්ජ් කරකර හිටියාම රටම සරුසාර වේවි...!!!
අරගොල්ලෝ ඉන්දියාවට බදු දීපු හින්දා තමයි මේ ගොල්ලො චීනයට සින්නක්කර නොදුන්නේ... දැනුයි තේරෙන්නේ... !!!
මෙයාව ආපහු පන්සලකට ගිහින් දාන්න කෙනෙක් නැද්ද?
මෙතුමා විතරයි හැමදෙයක්ම දන්නේ... අනිත් අය මෝඩයෝ...
චැලේන්ජ් නොකර නඩුවක් දාන්නකෝ අපහාස කලා කියලා. අද ඔබලාට රටේ කෑලි කෑලි විකුණාගෙන කනවා හැරෙන්න රට ගොඩ නගන උපායමාර්ග නෑ. එ කන්නෙත් ඔබලාම මිසක් රටේ ජනතාවට දෙන්නේ නෑ. ඔය ණය කන්ද ගැහුවෙත් ඔබලාගේම ආණ්ඩු තමයි කිසිම ආදායමක් එන්නෙ නැති වැඩ වලට බිලියන් ගණන් ණය අරන්. ඒ ණය ඒ වැඩවලට සම්පූර්ණයෙන් යෙදෙව්වෙත් නෑ පුලුවන් තරම් හොරකම් කරලා ඉතුරු ටික තමයි ණය ගත්තු වැඩේට යෙදෙව්වේ. දැන් ඒ ණය ගෙවන්න රටේ කෑලි කෑලි විකුණනවා. ඒවා හෙලි කරන අයට චැලේන්ජ් කරනවා.