
(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (7) පැය 12ක කාලයක් ජල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.
පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක/සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටුනායක, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඹුල්ගොඩ උස් ස්ථාන වලට ඊයේ සිටම වතුර නෑ. ජල සැපයුම් පීඩනය අඩුකරලාද?