( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට දැඩි අවශ්‍යතාවයක්ව පැවති සී.ටී.ස්කෑන් යන්ත්‍රයක් මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ ලබා දෙමින් එය රෝගීන් වෙනුවෙන් පරිහරණයට පත් කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.
රුපියල් ලක්ෂ 700 ක් වටිනා මෙම ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම පිනිස මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලබාදීම සිදු කර ඇති අතර මෙය ස්ථාපිත කිරීම පිණිස ස්ථානයක් සැකසීම සඳහා අත්තනගල්ල රාජ මහා විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන් විසින් රුපියල් ලක්ෂ 23 ක් ප්‍රදානය කර ඇත.
යන්ත්‍රය රෝගීන් වෙනුවෙන් පරිහරණයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වමින් පවසා සිටියේ දිවයිනෙහි වැඩිම ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලක් වන ගම්පහ රෝහලට මෙවැන්නක් ලබාදීම ඉතා වැදගත් වන බවය.
මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධර්මසේන , ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා චන්ද්‍රානි සේනාරත්න , ගම්පහ රෝහලෙහි විකිරණ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක චන්ද්‍රසේන, රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ , වෛද්‍ය ( සැලසුම්) නිලංගී සුභසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍ය වරුන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ රෝහල මධ්‍යම රජයට පවරා ගන්න...
නියම විවෘත කිරීමක්... මේවා ඉතින් කොරෝනාවේ පිහිටෙන් වෙච්ච එක හොඳ දෙයක් තමයි. එ්ක දේශපාලු පුළුටක් නැහැ..., මේන් මේ ආකාරයට තමයි මෙරට කරුණු කාරනා සිද්ධ වියයුත්තේ. මුළු ලෝකෙම කොරෝනා වලට ගැරහුවත් එක හොඳක් නම් වුනේ එක දේශපාලුවෙක්වත් නැතිව, කිසිම උත්සවයක් නැතිව පොදු ජනතා අරමුදල් පොදු ජනතාවට, පොදු ජනතා සේවකයන් විසින්ම ලබාදීමයි. දේශපාලුවන් ටික කකුල් දෙක අස්සේ ඔලුව ඔබාගෙන මුල්ලකට වෙලා ගැහි ගැහි ඉන්නවා ඇති " බොඩි බැග් " එකට බයේ. උන්වනම් බොඩි බැග් එකේ යවන්නත් නුසුදුසුයි...
ගාල්ලේ සමුපකාර රෝහලේ සී.ටී ස්කෑන් යන්තරය හිටපු ජනාධිපතිතුමා ඇවිත් විවෘත කරලා අවුරුදු 3 කට වැඩියි.හැබයි තාම මේ සී.ටී ස්කෑන් යන්තරය සවිකරලා වත් නෑ. නියම විහිලු.
වැඩ කරන, සද්ද නැති රාජ්‍ය පාලනයක්. ගම්පහට CT ස්කෑන් යන්ත්‍රයක්. වෘත්තිකයන් අගයන පරිපාලනයක් = දේශපාලකයෝ නොමැති චාම් උත්සවයන්. රටක වෙනස... රාජා භවතු ධම්මිකෝ !! ඔහොම යන්!. ඔහොම යන්!! "හිටන්" නෑනේ දැන්.