
( තිලකරත්න දිසානායක)
තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද " රණවිරු ස්මාරකය " විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙමොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන්,77 වන නිදහස් දිනය සැමරූ අද (4) පෙරවරුවේ විවෘත කළේය.
ගම්පහ රණවිරු සංසදය මගින් මෙම ස්මාරකය ඉදිකොට ඇති අතර මෙහි පිහිටුවා ඇති පළකයෙහි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචිව සිටියදී දේශය වෙනුවෙන් සටන් වැද දිවි පිදූ රණවිරුවන් සිය දෙනෙකුගේ පමණ නම් සදහන්ව ඇත.
වැඩමවා සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරද්දී අම්පෙමොහොට්ටි මහතා විසින් රණවිරු ස්මාරකය නිරාවරණය කළ අතර මෙම අවස්ථාවට ගම්පහ රණවිරු සංසදයේ සභාපති සුමිත් රණවීර , ලේකම් කුමාරි ඇන්තනී , අනුශාසක උපාලි දයානන්ද යන මහත්වරුන්ද , දිවි පිදූ රණවිරුවන්ගේ දූ දරුවන් , මව් පියවරුන් සහ බිරින්දෑවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා මහත්තයා ඇවිත් නැද්ද? ආවනම් ගොඩක් වටිනවා.
රජයේ කවුරුත් නෑ. මොකද එයාලට රණවිරුවන් ඇලජික් නේ.
හැම දේකම අවුලක් හොයන රම්බොඩ හදාදිහා බලන්න .මට නම් හිතන්නේ රාජපක්ෂ රෙජීමයට සම්බන්ධයක් තියෙනවා වගේ.