(ජයන්ත සමරකෝන්)
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මීරිගම බාඳුරාගොඩ නීතිවිරෝධී කසිප්පු තිප්පොලකින් කසිප්පු බීමෙන් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් 20 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධිය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.
ගම්පහ සුරාබදු සහකාර කොමසාරිස් ධර්මකීර්ති මහතාගේ මගපෙන්වීමෙන් ගම්පහ, ජාඇල, මීගමුව, මීරිගම, දිවුලපිටිය සුරාබදු ස්ථානවලින් කණ්ඩායම් පහක් ඊයේ (04) සිට පැය 24 කාලය පුරා මෙම වැටලීම් සඳහා යොදවා ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මුලුමනින්ම තුරන් කිරීම මෙහි අරමුණ බවද ඒ මහතා කීය.
මෙම වැටලීම අඛණ්ඩව දිවයින පුරා සිදුකරන බවද වැරදි කරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මරෙනකන්ම ඉන්න ඕනෙද මේවා වටලන්න? තව ඕනේ තරම් තැන් තියෙනවා මේ වගේ තැන්. ඇයි මේවා ගැන නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ?
ඕව නවත්තලා කොහොමද දඩ වලින් රජය ආදායම් හොයන්නෙ. කසිප්පු පෙරන අයට සහන මිලට සීනි දීලා බොන අය අල්ලලා දඩ ගහල රජයේ ආදායම හදන ආර්ථීක ප්‍රතිපත්තිය අවුල් ද ඇයි....?
බොරු සෝබන. පගාවට ඔක්කොම යට යනවා.
මේක මේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වැසීමක්. ගම්පහ විතරක් නෙමි මුළු රටේම කසිප්පුකාරයෝ යහතින් වැජබෙන්න හේතු දෙකක් තියනවා 1) දේශපාලන ආරක්ෂාව 2 ) පොලීසියෙන් සහ සුරාබදු නිලදාරීන්ගේ ආරක්ෂාව මේවා හින්දා කසිප්පු මුදලාලිලාට මොකුත් වෙන්නේ නැහැ ගම්පහ ගැන මේ වාර්තාවල කියන විදියට අවරුදු 40ක් මේක කරාලු ! ඉතින් තවත් මොන කතාද ?
අම්මෝ මැරෙනකල්ම සුරාබදු නිල දරුවෝ මොකද කරේ, පොලිසියත් එහෙමම තමා මිනිස්සුන්ගේ ජිවිත ඇපයට තියලා රස්සාව කරන බව තමයි පෙනෙන්නේ
අපේ රතන හාමුදුරුවන්ට මේවා පෙන්නේ නැතුවාවත්ද? අද රට වෙලාගෙන තිබෙන මේ වගේ ප්‍රශ්න අතහැරලා දේශපාලන වැඩසටහන් කරනවා. එක දවසක් මේ ප්‍රශ්නේ ගැන කතාකරලා තියෙනවද?
අරක්කු බෝතලේ, සිගරට් පැකට් එකේ, මිල ඉතා අධික ලෙස ඉහළ දාපු අය මේවට වග කියන්න ඕන.