
(තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
රජයේ පාලන මිල වශයෙන් නාඩු සහල් සදහා රුපියල් 220 ක මිලක් නියම කොට ඇති නමුත් මේ දිනවල ගම්පහ ප්‍රදේශයේ වෙළඳසල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ක් වැනි මිලකට අලෙවි කෙරෙන තත්ත්වයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
රජය මගින් සහල් සදහා පාලන මිලක් නියම කොට තිබියදී එය නොසලකා හරිමින් වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාල ආයතන මගින් සොයා බැලීමක් සිදු වන්නේ දැයි ඔව්හු විමසා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල්, පොල්, ළූණු, බිත්තර වගේද කාර්...? තේරෙන්නේ නැතිද? අපිට කාර් ගැන තව හොයන්න තියෙනවා.
පුනරුදය කියන්නේ ඒකට තමයි. සියයට අසූවක් ඡන්දේ දුන්නානේ...!
පවුලකට දවසකට හාල් කිලෝ 1 ක් ඇති. රු. 20ක් වැඩියි. අමතර රු. 20 ක්වත් නැති හිඟන්නො රැලක් ද ජාජබට ඡන්දය දුන්නේ? නැතිනම් ජාජබ විරෝධී මීඩියා මේවා උලුප්පලා දක්වනවද?
ලංකාවේ හාල් මිල තීරණය කරන්නේ අරලිය, රත්න, නිපුන විතරයි නේද? මම ජනපති නම් ඔය හාල්මෝල් කාරයෝ ඔක්කෝම ජීවිතාන්තය දක්වා හිරේ, ව්‍යාපාර ඔක්කෝම රාජසන්තක කරනවා.
නියමයි සහෝදරවරුනි... නියමයි...!