
(යොහාන් භාසුර)
ගම්පහ ප්‍රදේශයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය අද (3) පස්වරු වන විට ජලයෙන් යටවී තිබූ බවත් අඛණ්ඩව වර්ෂාව පැවතුණ හොත් රෝහල ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද රාත්‍රී පැවසීය.
ගම්පහ නගරය ඊයේ පස්වරුව වන විට අඩි දෙක පමණ ප්‍රමාණයකින් ජලයෙන් යටවී තිබූ බව කී එම උසස් පොලිස් නිලධාරියා එම ජල මට්ටම පිළිබඳව පොලිසිය ඇතුළු බලධාරීන් අවදානයෙන් සිටින බව ද සඳහන් කළේය.
බස් රථ තුළට ජලය ඇතුල් වන මට්ටමේ ජලය මට්ටමක් ගම්පහ නගර තුළ පස්වරුවේ තිබූ බවත් රාත්‍රියේ තව දුරටත් වර්ෂාව ඇඳ හැළෙමින් තිබූ බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ වැස්ස කාලයට ඇතිවන ගංවතුරින් යට නොවන ඉඩමක් හොයා ගන්න ඉදිරියේදී බොහොම අමාරු වෙන තත්වයක් පෙන්න තියෙන්නේ. මේ අද යට වෙලා තියෙන බොහොමයක් තැන්වල ඉස්සර මෙහෙම තත්වයක් තිබුනේ නැහැ. වසරින් වසර තත්වය නරක වෙනවා. හේතුව කවුරුත් දන්නවා, වතුර බැහැලා යන අපවහන පද්ධති බොහොමයක් අවහිර වෙන විදියට බොහෝ ඉදිකිරීම් කරලා තියෙන්නේ. අනිත් අතට මහා පොලවේ බොහෝ තැන වල කොන්ක්‍රීට් වලින් වැහිලා නිසා වතුර උරා ගන්න පොලොවට බැහැ. අනාගතයේදී ගෙයක් හදලා හොඳ වාහනයක් තියාගෙන ඉන්න බොහොම අමාරු වේවි.
මාර වැඩේ කොළඹ නුවර අධිවේගෙ මැදින් හදල හදපු ටිකේ බලපෑමෙන් ඔය ගං වතුර, දෙවෙනිදා මීරිගම සිට පස්යාලට එන්න පැය දෙකක් ගියා , ඒ අතර පාර හරහා ගිය ජලකඳ නිසා, ඔන්න ඔහොමයි අපේ හයිවේ. හෙනම ගහපිය, අපිට ඇති වැඩකුත් නැහැ ණයම ගෙවනව. එක එකාට ඕන විදියට ඔව හදල රටම අනාතයි. හිරගෙවල ලගින්න සූදානම් වෙයල්ල කාලකන්නි.දැන් මුල ටිකේ බාගෙට හදපුව කඩන් වැටෙනවලු
පසුගිය සතිය මම ගත කලේ ලක්බිමෙ. රෑ අටට පමණ පොල්ගහවෙල සිට ගුවන් තොටුපළට ගමන්ගත් අපට ජලගැල්මක් දකින්නට ලඛුනේ නැත. අපි වරකාපොල අසලට පැමිණෙන විට වැටුන ගසද ඉවත්කර තිබුණ බව කියන්න ඕන