IMG-LOGO

ගම්පහ දිස්ත්‍රික්කයේ 15,000 ක් කොටු වෙලා

( තිලකරත්න දිසානායක.)

අත්‍යාවශ්‍ය හේතුන් හැර ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ  පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට අද (10) පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කමිටුව තීරණය කළේය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැනට 15,000 ක පමණ පිරිසක් ගම් බිම් බලා යාමට නොහැකිව කොටුවී සිටින බවද මෙහිදී අනාවරණය විය.

ගම්පහ, රාගම සහ මීගමුව යන රෝහල් තුනෙහි කොරෝනා රෝගී තත්ත්වයේ සැක සහිත 51 දෙනෙකු සහ රෝගය වැළඳී ඇති  පුද්ගලයින් ඇසුරු කළ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර සිටීම හේතුවෙන් මෙවන් තීරණයක් ගත යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය චන්ද්‍රානි සේනාරත්න මහත්මිය සදහන් කළාය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවති අතර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ දැනට කොටුවී සිටින පිරිසට ගම් බිම් බලා යාමට අවස්ථාව ලබා දෙන තෙක් ඔවුනට සහන සැලසීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.

 



අදහස් (0)

ගම්පහ දිස්ත්‍රික්කයේ 15,000 ක් කොටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site