IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගම්පහ කැත් ලැබ් එකට බාලගිරි දෝෂය

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙමින් , එය පසුගිය වසර අවසන්වීමට ප්‍රථම ඒකකය ඇරඹීමට සැලසුම් කොට තිබූනද එය ත ප්‍රමාදවන තත්ත්වයක් පවතින බව වාර්තාවේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල්හි මෙවන් ඒකකයක් නොවීම මත දිස්ත්‍රික්කයෙහි වෙසෙන ලක්ෂ 25 ක් පමණ වන දිවයිනෙහි වැඩිම ජනගහනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සෘජු මැදිහත්වීම මත ගම්පහ රෝහලට කැතීටකරණ ඒකකයක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබිණි.

මෙම රෝහලෙහි මෙවන් ඒකකයක් නොවීම හේතුවෙන් වර්තමානයේ වර්ෂයකට ප්‍රතිකාර පිනිස ඇතුලුවන 6000 ක් පමණ වන හෘද රෝගීන් අතුරින් විශේෂයෙන්ම වයස අවුරුදු 50 ට අඩු අයද සමග සියයට 20 ක පමණ පිරිසකට හෘද කැතීටකරණ (Angiogram) පරීක්ෂාවන් සිදු කිරීම සහ ස්ටෙන්ට් ( Stent) යෙදීමට සිදුවීම මත රාගම හෝ කොළඹ ජාතික රෝහල් වෙතින් ප්‍රතිකාර ලබා දීම පිනිස පොරොත්තු ලේඛනවල තැබීමට සිදුව ඇති බවත් ඇතැම්විට සමහර රෝගීන් ජීවිතක්ෂයට පත්වන  බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම ඒකකය ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂයේදී ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිර්දේශය මත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියද හිමිව ඇත.

 



අදහස් (3)

ගම්පහ කැත් ලැබ් එකට බාලගිරි දෝෂය

soma Monday, 03 February 2025 09:33 AM

මේ රටට මොකද වෙලා තියෙන්නේ ? හැමතැනම නාස්තිය. නිසි සැලැස්මක්, හොඳ අධීක්ෂණයක් නොමැතිවීම, තමන් ගැන පමණක්ම හිතන පෙළැන්තියක් බිහිවීම වැනි දේ මේවැන්නට හේතුවක් නොවන්නේ ද?

:       0       6

දොන් සේතන් Monday, 03 February 2025 03:51 PM

සුද්දට ආපහු එන්න කියලා ගිය සැරේ වගේම වැඳලා බාරදුන්නොත් මිසක් සිංහල මහතුන්ගෙන් නම් වැඩක් නැහැ.

:       0       3

Kamal Koyrala Monday, 03 February 2025 06:06 PM

සෞඛ්‍ය වෘත්තීය සමිති... මේවා දන්නේම නැද්ද? ඕවා තිබුණොත් පුද්ගලීකරණය කරලා ගාන කපාගන්න වෙන්නේ නැති නිසා උනන්දු වෙන්නේ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site