
(ටී.කේ.ජී.කපිල )
ජර්මන් ජාතික සංචාරක නියෝජිතයෝ 30 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ හබරණ , දඹුල්ල , මහනුවර , නුවරඑළිය , බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරයේ නියැලෙමින් මෙම අධ්‍යයන චාරිකාව සිදු කිරීමට නියමිතය.
ජර්මනියේ සංචාරකයන් මෙතෙක් තායිලන්තය, බාලි දූපත් ,ඉන්දියාව සහ වියට්නාමය වැනි දකුණු ආසියානු කළාපයේ රටවල සංචාරය සදහා යොමු වී සිටින අතර ඔවුන්ට නව සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දීමට මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරේ .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ මෙම වැඩසටහන සංවිධානය කරන , පාටා ජර්මනි සංචාරක සේවා නියෝජිත ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ගුවන් තොටුපලේ වැසිකිලි සහ අනෙකුත් පොදු පහසුකම් දියුණු කරන්න. කටුනායක තත්ත්වය හුඟක් දුර්වලයි
රුසියාවත් එක්ක ඇතිවෙලා තියෙන යුද්ධය නිසා ජර්මනියේද ආර්තික උද්ධමනය සියයට 40කින් උඝ්‍රවී ඇත... ඒ නිසා 2යි 50ට කරනම් ගහන්න පුළුවන් රටවල් තමයි හොයන්නේ..! ලාබෙට කන්නයි, බොන්නයි, අනාගන්නයි පුළුවන් නම්... !