(ටී.කේ.ජී.කපිල )
ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක අද( 09 ) ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
යාපනය ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතරින් තරුණයා 27 හැවිරිදිය . තරුණිය 19 හැවිරිදිය .
ඔවුන් සංචාරක වීසා මත ඩුබායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එම ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ගේ ලියකියවිලි ලබා ගෙන නිශ්කාශන කටයුතු සිදු කරමින් සිටියදී , ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත , ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී ඔවුන්ගේ ගමන් මලු නිරීක්ෂණය කිරීම් වලදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ප්‍රංශයට සහ ජපානය වෙත යාම සදහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර දෙක බැගින් ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගමානාත්තයක් නොදැන රටින් පනින්න ආ යුවළ දැලේ
SISIRA Friday, 10 November 2023 01:17 AM
ගුවන් සේවා නිලධාරීන්ට තිබෙන අමාරුව මොකක්ද වීසා ටිකට් තිබෙනවා නම්...!
Bamunuarachchi Friday, 10 November 2023 08:46 AM
ඒ තරමට ලංකාව එපාවෙලා...
Chamara Friday, 10 November 2023 09:09 AM
යන්න හැරපන් බං යන රටකට ඕකුන් අල්ලලා අපිට මොනව කරන්නද