IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

(නිමන්ති රණසිංහ,ඉන්දිකා රාමනායක සහ ලාල් එස් කුමාර)

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.

මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තෙරතුක්මත පොලිසිය පැමිණ සොයාබැලීමේදී එහි සැකකටයුතු ගමන් මල්ලක් තිබී ඇත. පසුව එය විවෘත කර බැලීමේදී එය තුළ කාන්තා මළ සිරුරුක් ඇති බවට දැක ඇත.

මෙම මල සිරුරේ අත්පා ගැටගසා ඇති අතර ඝාතනය ලක් වූ කාන්තාව වයස අවුරුදු 35 - 40 අයකුගේ බවට පොලිසිය සැකකරයි.

එම කාන්තාව රතුපාට ගවුමක් ඇඳ ඇතැයි ද පොලිසිය කියයි..

මරණකාරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් මේ වන විට එම ස්ථානය කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් කැළණීය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සපුගස්කන්ද පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇතැයි ද ඔහු සදහන් කළේය.

(ඡායාරූප: ලාල් එස් කුමාර)



අදහස් (11)

ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

fairoos Thursday, 04 November 2021 04:14 PM

හැමදාම මිනීමැරුම් සහ කොල්ලකෑම්... ලංකාව ඉවරයි...

:       25       42

JudeThursday, 04 November 2021 05:35 PM

අපොයි ඔව්... ඉවරයි. ඒක නිසා ඉවර වෙන්න කලින් තණකොළ කපන කඩු ටිකක් ගෙනත් තියාගන්න...

:       35       25

RoshanThursday, 04 November 2021 06:47 PM

කොහේද යන්නේ... මල්ලෙ පොල් කේස් එකක්...

:       6       23

සමීර නිරෝෂ් Thursday, 04 November 2021 04:58 PM

මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ..? හරිම දුක හිතෙන සිදුවීමක්... මිනිස්සු මරනවා බල්ලො, බළල්ලු ගානට දාලා.. දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       1       44

Rocky Thursday, 04 November 2021 05:48 PM

කොහෙන් හරි මේකට ප්‍රාදේශීයව සභා මන්ත්‍රීෙයක් සම්බන්ධ ඇතියි කියලා සිතනවා..., නිකමට..!!

:       0       20

ranjan Thursday, 04 November 2021 07:52 PM

රටේ අවාසනාවන්තම වකවානුව මේ...

:       3       28

gunarathnaFriday, 05 November 2021 07:08 AM

ඇත්ත තමයි නේද.? ගෝඨාභය මහත්තයා මොනවා කරවද මන්දා.

:       1       3

sharm warnFriday, 05 November 2021 02:47 PM

ඒ මහත්තයා කැලේ කපනවා. කාබනික පොහොරවල ගුණකථනය කරනවා. තව සඳුන් උයන් හදනවා. ඒවට පිරිත් පැන් වත් කරවනවා... අප්පේ එහෙමත් රාජකාරි ගොඩ... පව් අප්පා... මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ ඉතින්...

:       1       2

සෑම් Friday, 05 November 2021 03:48 AM

මිනි මරුවෝ නිදහස් කරලා උන්ව දිරි ගන්වපු රටක ඕවා ඉදිරියටත් සාමාන්‍ය වෙයි

:       0       1

ලලිත් අම්බලන්ගොඩ Friday, 05 November 2021 07:59 AM

ඔන්න ඔහොම තමයි පව් කරාම කාටත් පලදෙන්නෙ. මහජන මුදල් ගසාකන, හොරකම් කරන, සංවිධානාත්මක අපරාධ කරන, මහජන බදුමුදල් විනාශ කරන, මහ බැංකුව කොල්ලකාපු අයටත් කවද හරි ඒ ඒ තරාතිරම අනුව කවදම හරි පලදෙනවා. ඒක තව ආත්ම ගානකින් වෙන්න පුලුවන්.

:       1       5

nagahananda Friday, 05 November 2021 09:19 AM

කලින් හංවැල්ල ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් උනා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site