
(ඉන්දිකා රාමනායක,පුබුදු කීර්තී ,විමුක්ති ඒස් රුද්‍රගු සහ බිමල් ශ්‍යාමන්)
සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තා මළ සිරුර හදුනාගත්ත බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකර්ණයේ පදිංචිව සිටි මොහොමඞ් සාෆික් ෆාතිමා නැමැති (45) හැදිවිරිදි දෙදරු මවකි.
මෙම කාන්තාව ඉකුත් (28) සිට අතුරු දන්ව ඇති අතර ඇගේ සැමියා රාගම රෝහලට පැමිණ මළ සිරුර හදුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අපරාධ කරනා මිනීමරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දේශපාලනඥයින්ට නීතියට පිටින් වැඩ කිරීමට තිබෙන ඉඩකඩ වැසිය යුතුයි. අධිකරණයෙන් සිර දඬුවම් නියම කරන ලද මිනීමරුවන්ට දේශපාලන සමාව දීමේ ක්‍රමය වෙනස් කොට සැමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. රටේ පොදු නීතියට දේශපාලකයින් අරක්ගන්නා රටක මිනිසුන් නීතියට බියක් හෝ ගරුකිරීමක් නොකරනු ඇත...
අද රටේ අපරාධ වැඩිවී තිබෙන්නේ මිනිසුන් අපරාධ කිරීමට බිය නොවීමයි. මෙය රටේ නීති පද්ධතියේ බිඳ වැටීම නිසා සිදුවූවක්...
ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නීති පද්ධතියම පවතින්නේ ඉතාමත්ම දුර්වල තත්ත්වයක.දේශපාලුවෝ මෙයට වගකිව යුතුය.
මරණ දඬුවම ගේන්න දේශපාලකයෝ බයයි.?
අපේ රට ගැන අපි කතාකරමු. මමත් මේ රටේ අර්ධ රාජ්‍ය සේවයේ කෙනෙක්. රටේ හැම ආයතනයක බොහිවිට කීප දෙනෙක් සමහරවිට ගොඩ දෙනෙක් ඉන්නේ වංචා, හොර බොරු කරපු අය. කුමන හෝ ක්‍රමයක වංචා හොරකම් කරපු අය. මේ අය අතරේ මහාචාර්යවරු, ආචාර්ය වරු, පරිපාලකයන් ඉන්නව. මේ මිනිසුන්ගෙන් කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නව බැහැ. ඒ වගේම තමා මේ රටේ ජිවත් වෙන මිනීමරුවන්. කාගේ හෝ අනුබල ලැබෙනවා. ඉතින් වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද මේ දුක.
මම තමයි හොඳටම කරේ .
මිනීමරුවන් ලෙස තීන්දු වූ අයව නිදහස්. අධිකරණයට අපහාස කළාකියන එක්කෙනා හිරේ. කොහොම රටක් ද මේක...? එහෙම රටේ යුක්තිය, සාධාරනේ ඉෂ්ඨ වෙනතුරු කට ඇරගෙන බලා ඉන්න වෙලා තියෙන්නේ...