(නිමල කොඩිතුවක්කු)
තාමත් ගමට යන්න බෑ කියන ආසන සංවිධායකවරුන්, මන්ත්‍රීවරුන් සිටීනම් ඔවුන් ඉවත්ව යන අයට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(16) පැවැසීය.
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු පිරිස් ගමේ පන්සලට පල්ලියට ගොස් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා මත කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
කුරුණෑගල දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිතයන් සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස කටයුතු නොකර පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණදීමෙන් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකියාව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ කට....
අනේ ගමට නෙමෙයි අපායට ගියත් ඔයාලට තැනක් නැහැ, දැන් පන්සල්ල් ගිහිල්ල වැඩක් නැහැ මුළු රටම දන්නවා දැන් මොකටද එන්නේ කියලා, කෝ බැදුම්කර කට්ටිය ඉන්නවද?
හරි හරි... අපි එවාකරගන්නම්. දැන් ඔක්කොටම කලින් ඔයා අයින් වෙන්නකෝ.
එහෙම තරහ ගන්න එපා.. ඔහොම සැර දැම්මට ඔවුන් කොහොමද අප්පා ගමට යන්නේ? ගිහිල්ලා මොනවා කියන්නද? මිනිස්සු ඔවුන්ගෙන් අර බැංකු කතාවක් අහනවනේ...
වැරදි අඩුපාඩු හදාගන්න තිබ්බේ බලේ හිටිය කාලය තුළදිනේ... රටට, ජනතාවට සෙතක් කළා නම් මෙහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැනේ කවුරුත්...
රනිල් මැතිඳුනි, ඔය විදියේ තීරණ අරගෙන පක්ෂය ශක්තිමත් කරන්න. එකඑකාට ඕනේ දේවල් නොකර...
ඔක්කොටම කලින් තමුන් ඉවත් වෙලා කොන්ද පණ තියෙන එඩිතරව තීන්දු, තීරණ ගන්න පුලුවන් කෙනෙක් පත්කළා නම් ඉවරයි නේ. ගමට යන්නේ කොහොමද? ගම්වල ඉන්න මිනිසුන්ටත් මුහුණ දෙන්න බැරුව ඉන්නේ තමුන්ගේ අලුගුත්තේරු වැඩ හින්දා...
පන්සල තිබෙන්නේ තෙරුවන් නැමදීමට මිසක් මැතිවරණ දිනීම සඳහා රඟපෑමට නොවේ.
ආණ්ඩු කරනවට වඩා විපක්ෂයේ ඉන්න එක මොනතරම් සනීපද නේද?
සියල්ලටම පෙර, පක්ෂයෙන් සහ මේ රටේ දරන සියලු තනතුරු වලින් ඔබ නිදහස් වුවහොත් එය මේ රටට සහ ජනතාවට කරන ඉමහත් සේවයකි.
එජාප කිසිම කෙනෙකුට ගමකට නෙවෙයි මේ රටේ ජීවත් වීමටත් අයිතියක් නැත.
ඔයාට ගමට තියා කොහේටවත් යන්න බැහැ කරපු වැඩ වලට.
නායකතුමනි ඔය ගමන්ම ජනතාව පිළිගන්නේ නැති පක්ෂ නායකයොත් ඉවත් කරන්න.
මහින්ද ශ්‍රීලනිපයෙන් එළියට ගිහින් අලුත් පක්ෂයක් හදලා රටේ බලයත් ඇල්ලුවා. එජාපයේ කාටවත් එම හැකියාව නැහැ. එයාලා පව්...
රෙදි ඇදගෙන ගමට යන්න පුලුවන්ද? පන්සලේ ලොකු හාමුදුරුවොත් හම්බවෙන්න බැහැ පහුගිය දවස්වල කියපු දේවල් වලට ...
ඔයා ආදර්ශයක් දුන්නා නම් හරිනේ. ආරක්ශකයෝ දෙන්නෙක් එක්ක පොඩ්ඩක් ඔයා ගමින් ගමට යන්න බලන්න.
ගමට යන්න බැරි නම් මේ රට විනශ නොකර ඉන්න. රට කරන කෙනෙකුට නිදහසේ රට කරන්න ඉඩ දෙන්න.
ඔය මටද කියන්නේ ?
තම පක්ෂය දිනවන්න බැරි ලොක්කා යන්නේ නැතිව සොක්කන් කපන්න හදනවා. කැතයි හොඳේ...