
(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක ලෝක බැකු සහන ණය මුදලක් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ තාක්ෂණික සහයෝගය මත ආහාර බෝග, වැවිලි බෝග, පශු සම්පත් හා ධීවර නිෂ්පාදන ඇතුළු කෘෂිකාර්මික අංශයේ සියලු ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව මෙන්ම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ තරගකාරිත්වය හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම ප්‍රධාන අරමුණු කර ගනිමින් ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය (Climate- Smart Agriculture) හා විවිධාංගීකරණය, ජල සම්පත් කළමනාකරණය, ආර්ථීක සමානාත්මතාවය තහවුරු කිරීම, ධාරිතා සංවර්ධනය හා පුහුණුව, යටිතල පහසුකම් හා සැපයුම් පහසුකම් සංවර්ධනය ආදී මැදිහත්වීම් හා ක්‍රියාකාරකම් එකී ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ.
ඒ අනුව, 2025 ජුනි මාසයේ සිට වසර 5ක කාලයක් තුළ දී යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්