
(රංජිත් රාජපක්ෂ)
ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ ස්ථානවලතබා යන අඹුසැමි යුවලක් (26) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.
ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන අඹුසැමි යුවළක් යතුරු පැදියකින් ගොස් ගම්පොළ, නාවලපිටිය යන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිළ නිවස අසළදී ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පරික්ෂා කිරිමේදි ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 ක් තිබි සොයා ගත් බව පොලිසිය කියා සිටියේය.
ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 පැකට් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල තිබි සොයා ගත් බවත්, එක් අයිස් පැකට්ටුවක් රු.7000ක් වැනි මුදලකට අලෙවි කරන බව දැනට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කියයි.

2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැබිනි මව් සායනයට යන මුවාවෙන් ‘අයිස් ‘විකුණලා
කව්ද බෝයි Friday, 26 September 2025 03:33 PM
දැන් මේවා ඉම්පොර්ටඩ්ද? මේඩ් ඉන් සිරි ලංකාවේද කියලා හොයාගන්නේ කොහොමද? හොඳ නැද්ද අඳුන ගන්නත් එක්ක පැකට් එකේ සිංහ මුහුණ දාලා, ඊට යටිං "ගන්න අපේ දේ", එහෙමත් නැත්නම් "සිරිලක දේ, සිරි සැප දේ" කියලා පැකට් එකේ ප්‍රින්ට් කළානම්.