IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගැබිණි සේවිකාවට අතවර කිරීමට ගිය ආයතනයේ ලොක්කෙක් රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                                         

පන්නල මාකදුර  ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සිව්මස් ගැබිණියට  අතවර කිරීම තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එම  ආයතනයේ ප‍්‍රධාන නිළධාරියෙකු මේ මස 28 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ පන්නල මාකඳුරේ  ප්‍රසිද්ධ ආතනයක  සේවයේ නියුතුව සිටි ප‍්‍රධාන අවිවාහක නිළධාරියෙකු වූ උපුල් ඉන්ද්‍රජිත් නැමති වයස අවුරුදු 50ක පමණ අයෙකු වූ අතර වෙනත් ආයතනයක් මගින් එම ආයතනයට අනුයුක්තව සේවය කරමින් සිටි නිළධාරිනියෙකු මෙම සිදු වීමට මුහුණ දී තිබිණි.


සැකකරු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණය හමුවේ කියාසිටියේ වින්ධිත තැනැත්තිය පුටුවකින් ඇදවැටී ඇති අවස්ථාවක මවගේ උපදෙස් මත විවේක ගැනීමට ඉහලමාලයට ගොස් සිටි අවස්ථාවේදී සැකකාර ඉහල නිළධාරියා පැමිණ තමන්ගේ ශරීරය අයුතු ලෙස ස්පර්ෂ කළ බවයි. එහිදී වින්ධිත ගැබිණි කාන්තාව ඊට බලවත් විරෝධය පා ඇති අතර සැකකරු එම සිදුවීම කා සමඟ  හෝ නොපවසන ලෙසට ඉල්ලා සිටි  බවත් එහිදී පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීය.


සැකකරු වෙනුවෙන් නීතිඥයින් අදාළ චෝදනාව ප‍්‍රතික්‍ෂෙපකරමින් කියාසිටියේ සිද්ධිය වූවායැයි කියන දිනයේදී විදෙස් නිරීක්‍ෂකයින් පිරිසක් කර්මාන්තශාලාව නිරීක්‍ෂණය කිරීමට පැමිණි බවත් ඒ  අවස්ථාවේ වෙනත් නිළධාරීන් සිටිය නොහැකි නිසා ඉහළමාලයේ අය පිටමං කළා පමණක් බවත්ය. එමෙන්ම එම පරිශ‍්‍රය නිළධාරීන් නොයන ඉසව්වක් බැවින් එම පැමිණිළිකාර නිළධාරිනිය  කුමන හේතුවනට එම ප‍්‍රදේශයට ගියාද යන්න ගැටලූවක් බවද නීතිඥයින් අධිකරණයට කීහ.


ඉදිරිපත්වූ සියලූම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත‍්‍රාත් වරයා නියෝගයේ දක්වා ඇති හේතු අනුව ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප  කළේය.


පැමිණිල්ල වෙනුවෙන් පන්නල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කුමාරදාස, ළමා හා කාන්තා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් සංජීවනී ළමාහේවා(6019) මහත්ම මහත්මීන් පෙනීසිටි අතර සැකකාර නිළධාරියා වෙනුවෙන් නීතිඥ සුපුන් අධිකාරි, උදයශාන්ත ජයබාහු යන මහත්වරුන් පෙනීසිටියහ.  

 



අදහස් (0)

ගැබිණි සේවිකාවට අතවර කිරීමට ගිය ආයතනයේ ලොක්කෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site