
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම වෙලේවැව පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක 19 දින රාත්‍රියේ හදිසියේ ඇතිවු ගිනි ගැනිමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
ගින්න එකවර මුළු කර්මාන් ශාලාව පුරා පැතිරි ගිය බවත් ඒ අවස්ථාවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවට ද ගින්න අඩු විමක් සිදු නොවු බව පොලිසිය කියයි.
ගින්න ආරම්භ වන විටම එම ස්ථානයට පැමිණි නවගත්තේම පොලිස් නිළධාරින් විසින් පුත්තලම නගර සභාවේ හා හලාවත මහ නගර සභා ගිනි නිවන ඒකක වලට කථා කෙරුවද ඉන්ධන ප්‍රමානවත්ව නොමැති විම නිසා පැමිණිමට නොහැකි බවද පොලිස් නිළධාරින්ට දන්වා ඇති බව කියයි
ගින්නෙන් කර්මාන්ත ශාලාවට රුපියල් කෝටි ගනනක අලාභයක් සිදුව ඇති බවත් එය සම්බන්ධව පොලිසිය පරික්ෂණ අරඹා ඇති බව කියයි.
පොලිසිය පවසන්නේ මේ දිනවල කර්මාන්න ශාලාවේ නඩත්තු කටයුත්තක් සිදුවෙමින් තිබු හෙයින් සේවකයින් සේවයට පැමිනිම සිදුව නැති බවයි.
ඒ තිබියදි මෙම ගිනි ගැනිම විදුලි කාන්දුවකින් සිදු වුවාද නැති නම් කිසිවකු ගිනි තැබුවාද යන්න පරික්ෂණ අරඹා ඇති බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුක හිතෙන කරුණක්. ජාතික ධනය...