(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ජලය උණුකිරීමට යොදාගත් විදුලි හීටරයකින් මෙම ගින්න හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ගින්න ඇතිවන අවස්ථාවේ මියගිය බිළිඳියගේ මව සහ වැඩිමහල් සහෝදරිය නිවසින් බැහැරව අසල ගොස් ඇති අතර ගෙයින් දුමක් නගිනු දැක ඒ බව මවට දැනුම්දිමෙන් පසු පැමිණ බලද්දි මාස තුනක් වයසැති බිළිඳය ඇඳමත පිළිස්සී මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.
ගින්න ඇති වූ නිවසේ විදුලිය විසන්ධිකර තිබූ අවස්ථාවේ අසල නිවෙසකි අනාරක්ෂිතව ඇද තිබූ විදුලියෙන් ජලය උණු කිරීම යාමේ දි මෙම ගින්න සිදුව ඇතැයි ද පොලිසිය කියයි.
ජලය උණු කිරීමට හිටරය ගසා මව නිවෙස් බැහැරට ගිය අවස්ථාවේ විදුලි හීටරයෙන් මෙසේ ගින්න ආරම්භ වී පැතිර ඇතැයි ද පොලිසිය කියයි.
දරුවාගේ පිය ද මත්ද්‍රව්‍ය චෝදනාකවට බන්ධනාගාර ගතව ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස 03 බබාව ගෙදර තනියෙන් තියලා හීටරේකුත් ගහලා අම්මා ඕපදූප සවාරි ගිහින්ද කොහේද?
හීටර දඟර අනතුරු දායකයි. ස්වයංක්‍රීයව විසන්ධි නොවන නිසා. හීටර දඟරයක් විදුලියට ගසා ඉවතට යෑම නුසුදුසුයි. මන්ද, භාජනයෙහි සියලුම ජලය වාෂ්ප වුවහොත් දඟරය උණු වී පරිපථය (short) ලුහුවත් වී ගිනි ගැනිමට හැකි නිසා...