(අංජුල මහික වීරරත්න)
කටාර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ශ්‍රී ලංකා වරායට ඇතුළු වීමට අවසර දුන්නේ ඇයිදැයි ආණ්ඩුව වහා හෙලිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
මෙම ක්‍රියාදාමය යට වෙනත් අරමුණක් තිබෙිදැයි විමසා බැලිය යුතු බව කී අබෙිවර්ධන මහතා හරි වෙලාවට හරි තීරණ නොගෙන මහජනතාවට සිදු කළ බරපතල ඛේදවාදකයට රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද සඳහන් කළේය. "මෙහිදී ගිනි නිවීමේ මූලික සිද්ධාන්ත අනුව කටයුතු කළ බවක් පෙනෙන්න නෑ. නැවේ තෙල් ටොන් 350 ට වැඩිය තියෙනවා.ඒ තෙල් මුහුදට වැටිලා වෙරළට ආවොත් එයින් වෙන හානිය පිළිබඳ කිසි කරුණක් හිතලා නැහැ.
ඊළඟට කළ යුතුව තිබුණේ අපේ මුහුදු සීමාවෙන් ඈතට මේ නැව ඇදගෙන යාමයි. නැව දියඹට ඇදගෙන යාමට අවශ්‍ය තීරණය නිසි වෙලාවෙි ගත්තේ නෑ. තීරණ ගැනීමෙි නොහැකියාව නිසා මුළු මුහුදු තීරයම විනාශ වුණා. දකුණු පළාතේ බෙන්තර, ගාල්ල දක්වාම මෙම හානිය බලපානවා. අනෙක් පැත්තෙන් හලාවත දක්වා මුහුදු තීරයට හානිය බලපාන බව ඕස්ට්‍රේලියා විශේෂඥයන් කිහිප දෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් 20% කෙනෙක් ඉන්නවා ඇති... ඒකයි.
අම්මපා මේ ගොයියා එතකොට පුත්තලම් සත්වයා සහ හිඟන බණ්ඩාරයි, රතුමල්ලිලායි ඉතා හොඳින්ම සංවිධානය වෙලා වගේ... මොන අටමඟලේ කර හෝ පට්ටියේ බලය ලබාගැනුම හැර මේ තිරිසනුන් රටට වංක, තිරිසනුන් බව ඒ ඒ තිරිසනුන්ගේ අතීතය හොඳින් ඔප්පු කර ඇත. දැන් බලයේ ඉන්න අයටද කීමට ඇත්තේ එයමයි...
ඔයාලා සල්ලිවලට වරාය දුන්නා. මෙයාලා සල්ලිවලට ඕන කුණු ගොඩකට වරායට එන්න දුන්නා.
කටාර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ වරායයන්ට මේ නැව ඇතුලු වුණා. ශිප්ට්රැකින් වෙබ් සයිට් එකකින් මේ බව බලාගන්න පුලුවන්....
ජනතාව ප්‍රතික්ෂේප කළා නේද ඔබව? තමන් කරපුවා මතක නැතිද? ඔබද අද සිදුවන දේට වගකිව යුතුය.
පාස්කු බෝම්මේ ගැනත් ඔක්කොම අහන්ඩ තියෙන්නෙ
එක්ස්ප්‍රස් පර්ල් වරායට ඇතුළු වීමට අවසර දුන්නේ ඇයි‘‘ මෙම ප්රශ්නය ඇසිය යුතුව තිබ්බේ නව ලංකා මුහුදු තිරයට පැමිණ ගින්න ආරම්භ වූ අවස්ථවේ මිස නව ගිලුනට පසුව නොවේ. රජය සහ ඔබගේ ප්‍රකාශය අතර වෙනසක් නොමැත. සියල්ල සිදුවුවට පසුව රජය ගන්න තීන්දු වලින් පලක් නොමැත ඒ මෙන්ම සියල්ල සිදුවුවට පසුව කරන ලද ඔබගේ ප්රකාශයෙන්ද පලක් නොමැත.
නින්දෙන් ඇහැරිලා නේද? කව්ද කිව්වේ ඔයාට කටාර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කළා කියලා. ඔය නැව ඒ වරායන්වලට ගිහින් අදාල මෙහෙයුම් කරයුතු කරලා ඊළඟට එන්න තිබුණේ ලංකාවට. ඒ වෙන කොටත් ඕකේ ප්‍රශ්නයක් තිබුණා. ඒ රටවල ඔය කියන බහාලුම මාරු කරන්න ඒ රටවල පහසුකම් නෑ කියලා තමයි ඊ ළඟ තැන ලංකාවට අාවේ මෙහෙයුම් කටයුතුවලට ඊට පස්සේ ලංකාවට ඇතුල්වෙලා නැංගුරම් දාලා තමන්ගේ අවස්ථාව එනකල් ඉන්නකොට තමයි ඕක වැඩි වුනේ. මෝසමේ බලපෑමත් එක්ක නිකන් රට බොරු ගොතගොතා කියන්න එපා... ඒ වගේම ලෝකේ වෙච්ච එකම නැව් අනතුර මේක වගේ තමයි අනාගත එජාප කාරයින් හැසිරෙන්නේ අනෙක මතක තියාගන්න කොළඹ වරාය කියන්නේ ලෝකයේ තියෙන හොඳම මෙහෙයුම් කරන වරායන් 50ට අයත් එකක්... එ්කනේ රටවල් මේකට ඇහැගහගෙන ඉන්නේ...
මිනිස්සු දේශපාලකයින්ට හිනැහෙන එකට පුදුම වන්න දෙයක් නැහැ. මෙතුමා අප්ඩේට් වෙලා නැහැ. නැව හැම වරායකටම ගිහින් තියනවා. ඉන්දියාවෙන් අපිට එවපු බඩු රාශියක් නැවේ තිබ්බා..
එහෙනම් ළමයෝ ගෝඨාභය ශ්‍රී ලංකන් කියලා පාස්පෝට් එක නිකුත් කළේ ඇයි..? නුඹලා ඔක්කොම එක වල්ලේ පොල්...!!!
ශ්‍රී ලාංකාකයෝ කියන්නේ අනුන්ට කරදරයක් වූ විට උදව් කරන ලෝකයේ අංක 01 ජාතියක්..කෙනෙකුට කරදරයක් වෙලා තමන්ගේ ගෙදරට ආපුවාම ගහලා එළවන එක හරිද? හැමදෙයක්ම දේශපාලන වාසි ගන්න යොදාගන්න එපා ලොක්කා.
අනේ මේවා ගිනිගන්නවා කියලා දන්නවා නම් එන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් ලංකාවට එන හැම නැවක්ම නවත්වන්න වෙනවා. මම හිතුවේ සජිත් විතරයි එහෙමයි කියලා. බැලුවාම මුලු හැත්ත බුරුත්තම හරක්නේ... මේ අය කොහොමද රටක් ගෙනියන්නේ.?