
(කාංචන කුමාර අරියදාස)
කණ්ඩලම ජලාශයේ ජලය බීම සඳහා එන ගෝනුන් සහ වෙනත් වන සතුන් මරා මස් සඳහා අලෙවි කරන අයියා මලෝ දෙදෙනෙකු ගෝන මස් කිලෝ හතළිහක් සමග කණ්ඩලම වැව් රක්ෂිතයේ දී සැකපිට අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
කාලයක් තිස්සේ කණ්ඩලමන් ප්රදේශයේ රක්ෂිත වල සිටින වන සතුන් කණ්ඩලම ජලාශයෙන් ජලය බීම සඳහා පැමිණෙන වන සතුන් වෙඩි තබා ඝාතනය කොට ඒවා මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත සිගිරිය වනජීවී නිලධාරීහු කණ්ඩායමක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැකවල්ලා සිට මෙම ජාවාරම හෙළිකර ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට මස් තොගයක් සමඟින් පැන ගිය බවත් වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිද සොයා ගැනීමට නොහැකි වූ බව වනජීවී නිලධාරීහු පවසති.
COMMENTS
මේ වගේ අයව අල්ලලා දඬුවම් දෙන එක හොඳයි. හැබැයි මේත් හාල් මැස්සෝ.ලොකු තෝරු මෝරු ඉන්නවා..
අයියා මලෝ කිව්වාට මේ ෆොටෝ එකේ ගෑනියෙකුත් ඉන්නවානේ.මම හිතන්නේ අයියාගේ ගෑනි වෙන්න ඇති. එයා තමයි සත්තුන්ව මස්කරලා තියෙන්නේ.