(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොඩංගොඩ ,වඩුගොඩ ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ කඨින පිංකම් පෙරහැරේ අද (23) අලුයම ගිනිබෝල කැරකැවීමට ගිය තරුණයකු විදුලි සැර වැදීමකින් මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව දොඩංගොඩ පොලිසිය පවසයි
අනතුරෙන් මියගොස් ඇත්තේ දොඩංගොඩ , හර්මන්වත්ත , 1 අධියර ප්‍රදේශයේ පදිංචිව සිටී ගිහාන් කවිදු වික්‍රමරත්න නැමැති 17 හැවිරිදි තරුණයකු බව සදහන් වේ.
මියගොස් ඇති තරුණයා කඨින පෙරහැරේ ගිනිබෝල කරකවමින් සිට ඇත. පසුව ගිනිබෝල සවිකර ඇති ආධාරක යකඩ පට්ටම බිම වැටී ඇති අතර, එය විදුලිය කාන්දුවන වයරයක ගැටී ඇති බවත්, තරුණයා නැවත එය ගැනීමට යාමේදී විදුලි සැර වැදී ඇති බවත් මෙතෙක් කල පරීක්ෂණ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය කීය.
මියගොස් ඇති තරුණයා බේරාගැනීමට යාමේදී අනෙක් තරුණයන් දෙදෙනා ද තුවාල ලබා ඇතැයි පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු.. මේ වගේ පොඩි ළමයි මේවට යොදාගන්න පුළුවන්ද?