(අජිත්ලාල් ශාන්ත උදය සහ අප්සරා යෝසිත් විජේසුරිය )
කුරුවිට පොලීසිය කුරුවිට ලෙල්ලගොඩ අතුරු මාර්ගයේ බේන්දලූව ප‍්‍රදේශයේ දී සිදුකළ වාහන සෝදිසියකදී පාරේ ගමන් ගත් ත‍්‍රිරෝද රථයක් පරීක්‍ෂා කිරීමේ දී ඒ තුළ තිබී නීතී විරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් තිබූ රිපීටරයක්, උණ්ඩ තුනක්, ත‍්‍රිරෝද රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අද (24) අලූයම අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි.
රට පුරා සැරිසරන සංවිධානාත්මක අපරාධකරුවන් සහ නීති විරෝධී ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන පුද්ගලයන් සහ භාණ්ඩ අල්ලා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගයක් මත සෝදිසි මෙහෙයුම් ක්‍ෂණිකව ක‍්‍රියාත්මක කළ බව කුරුවිට පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට පත් රිපීටරය පිටරට නිෂ්පාධිත එකක් බව ද පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාම ඇහැළියගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක් පමණ වන තරුණයන් බව ද පොලිසිය පැවසුවේය.
සැකකරුවන් කිසියම් අපරාධයක් සඳහා මෙම ගිනි අවිය රැගෙන ගියේ ද නැතිනම් අපරාධයක් සිදුකර පළා යමින් සිටියේ ද යන්න පිළිබඳ පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.
ඡායාරූපය -අජිත්ලාල් ශාන්ත උදය
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට