
(නිමල් ජයරත්න)
මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති ආයකු බවත්,ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි.
එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මෙගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ තියෙන එක ගැන සැක සංකා දුරු කරගන්න. ඡන්දේ තියෙනවා.
පව් අහිංසක ගල් යුුගයේ මිනිසා. මාළු මරන්න වෙන්න ඇති ආයුධ පාවිච්චි කරන්නේ... නැතිව තුන් හිතකවත් නැතිව ඇති තවත් මිනිස් ඝාතන රැල්ලක් මෙහෙයවන්න. පසුගිය දවසක මේ ජාතියේ බාබර් කෙනෙක් නොමිලේ කොණ්ඩත් කැපුවානේ. හරි හොඳ මිනිසුන්...
අලුත්ම නාටකය දැන් තිරගත වේ..
හොඳට සබ්බුව දුන්නා නම් රහස් හෙළි කර ගන්න පුළුවන් වෙයි
සහරාන්ගේ ගෝලයෝ
සතියකට පමණ පෙර ඔය තනතුර දරණ කාළකණ්නියෙක් බසයක යන ගමන් කෙල්ලෙකුගේ කොණ්ඩය කපා දැම්මා. දැන් ගිනි අවි අරගෙන යනවා. මහා භයානකයි. ඇත්තටම ඕකුන්ට පිස්සුද නැත්නම් වෙන ගේමක්ද කියලා බලන්න