IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ගිනි අවි සඟවා ගත් තිදෙනා රඳවා ගන්න නියෝග

(රෝෂන් තුෂාර)

එල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත් අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

කාරියක් පෙරමාල් රමේෂ්, ඇන්තනී ප්‍රනාන්දු වික්‍රම සහ මොහොමඩ් රාසික් යන සැකකරුවන් මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි .

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය 21වෙනි දින කිරිබත්ගොඩ පොලිස් වසමේදී T56 ගිනිඅවියක්, පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක් සමගඅත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

අදාල ගිනි අවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පැවසීය.

 



අදහස් (0)

ගිනි අවි සඟවා ගත් තිදෙනා රඳවා ගන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site