
( පද්මසිරි ගාර්දියවසම්)
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පැවසීය .
සැකකරු සැගවී සිටි ලදු කැලෑව අසල නිවසක පදිංචි 21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට පැමිණ ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි .
තරුණිය සැකකරු සමග වසරක පමණ කාලයක් පෙම් සබදතාවයක් පවත්වා ඇති අතර මේ වනවිට ඇය එය නවත්වා දමා ඇති බවත් පොලිසිය කියයි .
අත් අඩංගුවට ගත් සැකකරු දෙනියාය ,යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
ඔහු ලග තිබී බෙහෙත් කොටන වර්ගයේ ගල්කටස් ගිණිඅවි දෙකක් උල්පිහි දෙකක් බෙහෙත් කොටන කූරු දෙකක් වෙඩි බෙහෙත් ගිණිපෙට්ටි සහිත කප් එකක් සොයාගත් බව පොලිසිය පවසයි
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරේ මංකොල්ලකන්න ඇවිත්... ඔච්චර දෙයක් කරන්න පටන්ගන්න පුළුවන්නම්, වෙනත් කැලෑවක් අසල පදිංචි 21 හැවිරිදි තරුණියක් හොයාගන්න බැරි ඇයි?
මේ හාදයා එයිට කළින් රාත්‍රිෙය් හින්දි හරි දෙමළ හරි චිත්‍රපටියක්වත් බැලුවා වත්ද?