
(දයාරත්න ඇඹෝගම)
විදේශිය රටක නිෂ්පාදිත බෝර දොළහේ තුවක්කුවක්,ජීව පතුරම් හතරක් සහ කේරල ගංජා සමග සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිජ්ජාපුර ප්‍රදේශයේ සිවිල් බලකා කදවුරකට අනුයුක්තව සේවය කරන කැබිතිගොල්ලැව,ඇල්ලවැව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.
පොලිස් බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔහුගේ නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි මෙම ගිනි අවිය සහ පතුරම් පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු සිවිල් ආරක්ෂක භටයා අද(29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් වෙන්නැති ගෙවල් වලටත් පනින්නේ . අඩු කඩන්න තියන්නේ