
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
එම සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් සමග ටි 56 ගිනි අවියක් , විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් , ටි 56 මැගසින් 2 ක් ටි 56 ජීව උණ්ඩ 265 ක් , නයින් එම් එම් උන්ඩ 23 ක් , යතුරු පැදි 2 ක් , හොරයින් ගෑම් 67 මිලිගෑම් 400 ක් කේරළ ගංජා කිලෝ ගෑම් 1 ක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පුද්ගලයන් දෙදෙනෙකු තීරෝද රථයකින් මෝදර වෙරළ තීරයේ විදුහලක් පිටුපස මුහුදට අපද්‍රව්‍ය ගලා යන බටයක් අසල ලදු කැලෑවකට පැමිණෙන බවට මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දර්ශන මහතාට ලද තොරතුරකට අනුව ඒ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැය කීපයක් තිස්සේ එම කැලෑව ආසන්නයේ සැඟවී සිට ත්‍රී රෝද රථයක පැමිණ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ තොගය ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට