(රෝෂන් තුෂාර)
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන වෙඩික්කරු සහ ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි රැකවල් මධ්‍යයේ ඉදිරිපත් කළේය.
වෙඩික්කරු සමිදු දිල්ෂාන් සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන මහේෂ් සම්පත් ප්‍රියදර්ශන අධිකරණ නියෝග මත වරායේ පොලීසියේ රඳවා ප්‍රශ්න කළ අතර රැඳවුම් නියෝග කාලය අවසන් වීම පසු අද අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන් අධිකරණ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර වෙඩික්කරූ ලබන 04 දින දක්වා රිමාන්ඩ් ගත කළ අතර ආධාර අනුබල දුන් තැනැත්තා ලබන 23 වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කොට ඇත.
පළමු සැකකාර වෙඩික්කරු ආවරණය කර පෙරටුවට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසද නියෝග කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd