(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි හෙට (24) සිට ඉරිදා (29) දක්වා සමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකර ඇත.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළු පැවැත්වීමට නියමිතය.
ඒ අනුව සමූපාකාර නියෝජිතයන්ගේ සමුළුව, විශ්‍රාමිකයන්ගේ, මැදපෙරදිග හා විදේශ රටවල නියුතු පවුල්වල සමාජිකයන්ගේ සමුළුව, රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සමුළුව, ධීවර නියෝජිත සමුළුව, ව්‍යාපාරික හා සංචාරක සංවිධාන සමුළුව, දහම්පාසල් /පිරිවෙන් ගුරුවරුන්ගේ සහ සංස්කෘතික ක්ෂේත්‍ර නියෝජිතයන්ගේ සමුළුව, එළවළු වගාකරුවන්ගේ සමුළුව සහ ඇඟළුම් ක්ෂේත්‍ර නියෝජිතයන්ගේ හා රූපලාවන්‍ය ශීල්පී ක්ෂේත්‍ර නියෝජනය කරමින් එම සමුළු පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ! 70% පනින්න ඕන මේ ගමන ඡන්ද ප්‍රතිඵල.
අතුරුදන් කළ මාධ්‍යවේදීන්ගේ සමුළුව නැද්ද?
ඉතාම කාලෝචිත වැඩ සටහනක්. ඒ වගේම රතුපස්වල විරෝධතා දක්වූවන්ගේ සමුළුව, මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ සමුළුව, ලසන්ත වික්‍රමතුංග, ශ්‍රීපති සුරියආරච්චි, තාජුදීන්, කිරිවෙහෙර නායක හිමියන් සිහි කර පින් පැමිණවීමේ සමුළුව, ආණ්ඩුවෙන් මුදල් ලබාදුන් තවුහිත් ජමාත් 26 දෙනාගේ සමුළුව, මාතර සැප මාලිගාව පිළිබඳ සමුළුව, ගාලුමුවදොර අක්කර 20, යටියන්තොට අක්කර 50, පැලවත්තේ අක්කර 1200, උල්හිටියේ අක්කර 1500, සෝමාවතිය වනාන්තරයේ අක්කර 5000, මොනරාගල අක්කර 5000, හම්බන්තොට අක්කර 5000 පිළිබඳ සමුළුව, කොළඹ යාචකයින්ගේ සමුළුව, ග්‍රීක බැඳුම්කරය, මිග් යානා හුටපටය, හෙජින් ගනුදෙනුව, ඊපීඑෆ් සෙල්ලම, ගල් අඟුරු සෙල්ලම පිළිබඳ සමුළුව යනාදිය පවත්වන්නේ කවදාද අපේ මහත්තයෝ...? එවාටනම් නොවරදවාම සහභාගී වෙනවා. මොකද හරි රසවත් කතා ටිකක් අහගන්න ලැබෙයි. ඒකයි.
බොහොම හොඳයි. ඒ වගේම සියලු ජාතික බලවේග ඒකරාශී කරගන්න. ජාතිකත්ව ධජය යටතේ සිංහල, දෙමල, මුස්ලිම් රටට ආදරේ හැම දෙනා එක් කරගෙන මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවමු. රට අනාරක්ෂිත කළ, ආර්ථිකය කාබාසිනියා කළ, අන්තවාදය පෝෂණය කළ, සංහිඳියාවේ නාමයෙන් වර්ගවාදයට උඩගෙඩි දුන්, දේශපාලන පලි ගැනීම් තම මූලික අරමුණ කර ගත් (උදා: දිල්රුක්ෂි මහත්මියගේ පාපොච්චාරණය), රණවිරුවන් මහපාරට දැමූ, විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නෝක්කාඩු ඇති කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවක් බවට පත් වූ මේ ආණ්ඩුව පලවා හරින්න පෙරමුණ ගන්න.
මාලාවක් නොව ගංගාවක් ගැලුවත් දිනුම සිහිනයක් වේවි..!!!
රතුපස්වල අයගේ දෙමව්පියන්ටයි, තාජුදීන් - ලසන්තලාගේ අයටයි, කටුනායක ළමයාගේ කට්ටියටයි එන්න කිව්වොත් ලොකු පිනක්...
කලබල නොවන්න.මාධ්‍යවේදීන්ගේ ඝාතන වලට එරෙහිව විරෝධතා මාලාවක්, අතුරුදහන් වූවන්ගේ පෙළපාලි මාලාවක්, විසි නවයක් බන්ධනාගාරයේදී ඝාතනය කළා කියා විරෝධතා මාලාවක්, මිග් ගණුදෙනු හා සමාන තවත් මහා පරිමාණ වංචා පිළිබද විරෝධතා මාලාවක්, රතුපස්වල වතුර, ධීවරයින්ට තෙල් මිල අඩු කිරීම වැනි කාරණා වලදී වෙඩි තැබීමට එරෙහිව පෙළපාලි මාලාවක්, යුධ හමුදා මූලස්ථානයේ අක්කර 8 කට වැඩි ඉඩම හා තවත් කොළඹ වටිනා ඉඩම් බලහත්කාරයෙන් පරවාගෙන චීනෙට කුණු කොල්ලෙට විකුණා කෝටි ගණන් මුදල් ඉපයීමට විරෝධතා මාලාවල්..................
නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයා දමපු ගමන් ඡන්ද ටික නියමෙට කැඩෙනවා ඉතින් වෙන්නේ මොන සමුළු තිබ්බත් ගෝඨාගේ දරු පවුල ළඟට යන්නයි. හැබැයි එකත් විශ්වාස නැහැ. තිබෙන අපරාධ නඩු ඔප්පු වෙලා ජම්පරය අඳින්නත් ඉඩ තිබෙනවා.
හදිසිවෙන්න එපා.නාම යෝජනාවෙන් පස්සෙ බලමු.