(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ බවට වන සියලු ලේඛන ලැබී ඇතැයි ඔහුගේ නීතීඥ, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
තමන් එම ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ද ඉදිරිපත් කර තිබෙන බව අලි සබ්රි මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් අමෙරිකානු පුරවැසිභාවයෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද අලි සබ්රි මහතා සඳහන් කළේය.
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව පැවසුවේ කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු 17 වැනිදා යළිත් විදෙස්ගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරුද අසත්‍ය ඒවා බව හෙතෙම සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථකවීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් දැන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිනේ...
ඕකේ "අවලංගුයි" කියලා තියෙන මුද්‍රාව ගැන නේද මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ... ගමන් බලපත්‍රයක් අවලංගු කළවිට එහි මුද්‍රාව සලකුණු කරන්නේ අතීත කාලයට වන " CANCELLED " යනුවෙන් කියලයි.. එවැනි ගමන් බලපත්‍රවල පින්තූර ඇතුළත් කරමින් සමහරු අදහස් දක්වා ඇත්තේ... අපේ උගත් නීතිඥ මහත්වරුන් මේවා දන්නවා ඇති කියලයි අපිට විශ්වාස කරන්න වෙන්නේ...
අම්බානකට පච වෙන්නේ නැතුව ඔරිජිනල්ම මාධ්‍යවේදීන් ඉස්සරහ පෙන්නුවා නම් ප්‍රශ්නේ ඉවරයිනේ... හොර වැඩක් කරත් හරියට කරන්න මහත්තයා.. ආයේ දෙකක් නෑ ගෝඨාභය තරගයෙන් විසිවෙලා ඉවරයි. දැන් තරගය තියෙන්නේ සජිත්, අනුර සහ මහේෂ් අතර විතරයි.
ඕන කෙනෙකුට ඕක කැන්සල් කියලා සීල් ගහන්න බැරිද? රටේ ඉන්න කොන්ඩේ බැඳපු චීන්නු ඔය විදිහට මෝඩයින් කරන්න පුළුවන් වුණාට ලිය කියවිලි වල වලංගු වෙන්න නම් එම ලිය කියවිලි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහතික කරගෙන ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරගන්න ඕනේ...
ඕක දින 4 කින් පසු ඉදිරිපත් කරන්න.
හම්මෝ බොරු. ඇමරිකන් අයට ඉංග්‍රීසි බැරිද? සීල් එක වැරදිද?
ඕක ඔහොම අතේ තියාගෙන වැඩක් නැහැ.. අපිට පේන්න පැහැදිලිවම කොපියක් ස්කෑන් කරලා දාන්න පත්තරයට හොඳේ... අපි බලන්නම් ඇත්ත නැත්ත...
බොරු ඕවා... අපි අහුවෙනවද? ඔහු ඇමෙරිකන්නේ
මුදලට කහින අය කියන එක අපිට ෂුවර් නෑ...
අපි ඔය කාරණය දැනගෙන හුඟක් කල්... එ් වුණාට සමහර දේශපාලුවන් නොදන්නා ගානට මෝඩ චූන් දානවා..
ඉතින් තමන් නිවැරදි නම් නීතිපතිවරුන් මොකටද මේක කියන්න...? ඔය කට්ටිය තමයි බොරුව ඇත්ත කරන්නෙත්, ඇත්ත බොරුව කරන්නෙත්, මේ කට්ටිය කියන දේ කවුරුත් පළිගන්නේ නැහැ.. මෙතන රජ කරන්නේ නීතිය නෙමේ... මුදල්... මුදලට නඩු කියන්න කට්ටිය ඉන්න රටක්... අැයි මේ වගේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින්නේ?
තව ප්‍රශ්න ඇත. එතුමා අපේක්ෂකත්වය උදෙසාම පමණක් නේද? පුරවැසිභාවය අයින් කරන්න සිතුවේ. ඇයි පවුලේ අය එහෙමවත් අයින් නොකර ඉන්නේ...? අවංක චේතනාවෙන් එය අත් හරිනවා යයි අපි සිතන්නේ කොහොමද? ඔය පක්ෂය නිර්මාණය කළ මැතිතුමා ඇයි පුරවැසිභාවය තියාගෙන ඉන්නේ තාමත්? අපිට ආදරේටද?
ජිල්මාට් දාපු අයට මොනවද කරන්න බැරි? කැලේ නීතිය රජ කරවලා අපේ රටේ, යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කළේත් ඒ අයම තමයි...
ලබන සුමානේ ඡන්දෙන් පැරදිලා අායෙත් ඇමෙරිකාවට ගිහින්, එහෙ අයට හුරු පුරුදු නම.. ඒ කියන්නේ නන්දසේන බාස් උන්නැහේ හෙවත් තීන්ත නන්දෙ...
ඇත්ත වහන්නත් බැහැ... බොරු හංගන්නත් බැහැනේ...!!!
මෙන්න නියම දේශප්‍රේමීන්... සාමාන්‍ය සිංහල මිනිස්සුන්ට කියනවා මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපා... ඒ අයත් එක්ක බිස්නස් කරන්න එපාය කියලා. නමුත් මෙයාගෙ පුද්ගලික ලෝයර්.... එයා සිංහල බෞද්ධ වෙන්න ඇති නේද? අනේද කියන්නේ..!!!
නන්දසේනගේ පරාජය ඉව වැටිලා සමහරක් වියරු වෙලා වගේ පේනවා. මෙතන කියලා තියෙන විදියට ජනපති වෙන්න විතරක් ලාංකික වෙන මිනිහෙක් රටට ඕනෑද? අනිත් එක නෝනා, ළමයි තාම ඇමෙරිකන්... නන්දසේන ඡන්දෙ ඉල්ලන පක්ෂේ නිර්මාතෘත් ඇමෙරිකන්.. මේවා අපේ රටේ සමහරක් වහලුන්ට පේන්නේ නැති එකයි කරුමේ...
මැතිවරණ කොමිසමට මේ දුන්නා කියන්නාවූ සහතිකවල සත්‍ය අසත්‍ය භාවය හොයන්න ක්‍රමයක් නැහැ. අලි සබ්රි ඔබ ඔය ව්‍යාජ සහතික උඩ දම දමා පෙන්න පෙන්න ඉන්න. අපි නිසි වෙලාවට ඔප්පු කර පෙන්වන්නම් ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක්ද නැද්ද කියා..?
'ෆොටෝ ෂොප්' වගේ සොෆ්ට් වෙයාර් තියෙනකං මේ ගොල්ලන්ට ඕන ජිල්මාට් එකක් දාන්න බැරියැ...
අපේ ගම්වල සමහර මිනිස්සු කසාද බිරිඳ, ළමයි නන්නත්තාර කරලා දුර පළාතකට ගිහින් මොකවත් කරගන්න බැරි වුණාම ආයේත් හොයාගෙන එනවා. මේ අයත් ඒ වගේ කියලා මට හිතෙනවා.
සහතික නැති තමන් සිටිසන් යයි කියමින් රක්ෂා වලට ඇතුළු වී වැඩ කරන පුද්ගලයන් ඕනෑතරම් මෙහි සිටිනවා. නමුත් සුළු කාලයයි කරන්න ලැබෙන්නේ වැඩකරන අතරතුර ඔවුන් පිළිබඳව නීතිමය වශයෙන් සොයා බැලුවාට පසු අනේ සේවයෙන් දොට්ට.. ඝෝඨාභයට වෙන්නෙත් ඔය ටිකමයි. පුදුමය නම් අවලංගු කර තිබෙනවා කියන ගෝඨාගේ ඇමරිකානු ගමන් බලපත්‍රය කොහොමද මොවුන් ළඟ තිබෙන්නේ කියන එකයි?
ඇමෙරිකාවේ පුරවැසියෙක් වෙනකොට් සතියක් දෙනවා. ඒ සහතිකයේ මුදුනේම තිබෙන්නේ මේ රටේ ලාංඡනයයි. ඒ කියන්නේ සෑම දෙයකම ඒ ලාංඡනය තිබෙනවා. ඔය පෙන්වන කාර්ඩ් එකේ තිබෙන්නේ එම ලාංඡනය නම් නොවේ. කවුරු හරි කාර්ඩ් එකක් ගහන්න හදනවද?
අලි සබ්බ්‍රි.. දන්නේ නැත්නම් ගූගල් කරලා බලන්න අවලංගු කරපු US පාස්පොර්ට් එකක මුද්‍රාව ..' CANCEL ' ද නැත්නම් ' CANCELLED ' ද කියලා.
මේ කලුකෝට් කරුවන් මානබලන්නේ හොරුන්ව බලයට පත්කරගෙන නීතිපති පුටුවට පැනගෙන ඔවුන්ගේ අධිකරණ යාන්ත්‍රණ බලයක් හදාගෙන සාටකයින්ගේ සියලු නඩු ටික යට ගසන්නයි.
මුද්‍රාවක් අතින් ගැහුවානම්, වම් පැත්තට බරවෙන්නෙත් නැතුව, දකුණු පැත්තට බර වෙන්නෙත් නැතුව, පිටුවේ හරි මැදින්, ඇදේට ගහන්නෙත් නැතුව, හරි කෙලින්ම ගැහුවේ, එතුමා අපේ අනාගත ජනපති වෙන බව දන්නා හින්දයි... එතුමාගේ පාස්පෝර්ට් එකට ඇමරිකාවෙන් කරපු විශේෂ ගෞරවයක් හැටියට බවයි මගේ විශ්වාසය.
ඇමරිකානු පුරවැසි භාවය අත්හළ බව එම රජය අනුමත කළ විට එරට බදු ගෙවන්නන්ගේ ලේඛනයෙන් එවැන්නන්ගේ නම් කපාහරිනවා. පුරවැසිභාවය අවසන් වන්නේ එවිටයි. එසේ බදු ගෙවන්නන්ගේ ලේඛනයෙන් ගෝඨාභයගේ නම ඉවත් කර ඇති බවට සහතිකයක් ඉදරිපත් කරන්න බැරි ඇයි? එතෙක් ඔහු ඇමරිකන් පුරවැසියෙකු ලෙසයි සලකන්න වෙන්නේ... අනික් අතට තම පවුල දරුවන් තවමත් ඇමරිකානු පුරවැසියන්. තවද, මේ මහතා පෙන්වන විදේශ ගමන් බලපත්‍රය නොපැහැදිලි, අනාගතයට අවලංගුවන බවක් පෙන්වන CANCEL මිසක් cancelled යන වචනය සඳහන් නැති, එක්කෝ කල් ඉකුත් වූ හෝ වෙනත් අයෙකුගේ හෝ හැටියටයි පාඨක අපට පිළිගන්න වෙන්නේ...
ඒ කියන්නේ දේශප්‍රේමී මෙවැනි මුස්ලිම් උගත් සහෝදර මහතුන් අපේ රටේ ඉන්නවා. සිංහල නීතිඥවරුන්ව තෝරාගන්නේ නැතිව මේ වගේ උගත්, මුස්ලිම් නීතීඥවරයෙකුව යොදා ගත්ත එක හොඳයි. සිංහලයින්ව කිට්ටු නොකරගෙන හිස්බුල්ලා මහත්මයා වැනි මුස්ලිම් උගතුන් මේ රට ගොඩනැගීමට යොදා ගත යුතුයි. එපමණක් නොවෙයි කරුණා අම්මාන්, පිල්ලේයාන් වැනි උගතුන් ලාංකික දේශපාලනයට ගෝඨාභය මහතා සමග අත්වැල් බැඳගැනීම සතුටක්. ළඟ එන නත්තලේදී, මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාරික ස්ථානවලට ගොඩ වැදී, අපි ඔවුන්ගේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමට උපකාර කරමු.
ඇමරිකන් එක්සත් ජනපද " ජාතිකත්වය අහිමිවීමේ සහතිකය සමග ඇමරිකා භාණ්ඩාගාරය විසින් එය අනුමැත කරනු ලැබීමෙන් පසු නිකුත් කරන ඩිඑස් 4079 දරන සහතිකය ඉදිරිපත් කරන්න . එය නොහැකි නම් ඔහු ඇමරිකන් පුරවැසියකු හැටියටයි පිළිගැනෙන්නේ. මොහු දිනුවොත් ඡන්ද පෙත්සමක් ඉදරිපත් කිරීම නොඅනුමානය.
ඔය ලැබී තිබෙනවා කියන ලේඛනයේ අඩංගු නොම්මරයට අදාළ ලේඛනයේ ඉල්ලුම්කරු වෙනත් රටක පුද්ගලයෙක් කියලයි කොන්සල් කාර්යාලය වාර්තා කලේ .. එහෙනම් දැන් වැටහෙනවා නේද මේ එම පුද්ගලයාගේ ලේඛනය අරගෙන කොම්පියුටර් ජිල්මාල් එකෙන් ඝෝටගේ විස්තර එම ලේඛනයට ඇතුලත් කර හදපු ව්‍යාජ ලියවිල්ලක් බව . දැන් ඔය සහතිකය අතේ තියාගෙන වැනුවට වැඩක් නැහැනේ ඕක දෙන්න එපාය නඩුවක් ගොනුකරනකොට අධිකරණයට එතකොට අධිකරණය ඔය සහතිකයේ ස්වභාවය වෙරිෆයි කරගන්න හෝම්ලන්ඩ් එකට එවන්න එපාය එතකොට බලමු.
ඒ තුරුම්පුවෙනුත් වැඩක් නොවුණු නිසා දැන් තවතව තුරුම්පු හොයයි...
ගෝඨාභය බේරා ගත්තේ කොටියාට පාවා දුන් රටයි. දේශද්‍රෝහී ඩොලර් කාක්කන් එදත් කොටියට හුළං ගැහුවා. අද ගෝඨාභයට බයේ ද්‍රෝහීන් සැලසුම් සහගතව කුමන්ත්‍රණ කරමින් නොයෙකුත් බොරු චෝදනා ඉදිරිපත් කරමින් සිටින බව රටට ආදරය කරන බුද්ධිමත් ජනතාව හොඳින් දනී.
වෙන රටවල පුරවැසිකම් ගන්නේ නැතුව මේ රටේ වීරයෙක් වගේ හිටියා නම් ඔය අවුලක් නැහැනේ... ඇමෙරිකාවේ පුරවැසිකම අරන් ඇමෙරිකන් කුමන්ත්‍රණ කියලා මෙහෙ ජනතාව ගොනාට අන්දනවා.. මේ රටේ රෝහලකින් බෙහෙත් ගන්න රට ගැන විශ්වාසයක් තියෙන මිනිහෙක් රට පාලනය කරන්න කාලේ ඇවිත්...
අපි මෙච්චර තර්ක කරන්න ඕනෑ නැහැ. දැනට බලයේ ඉන්න රජයට පුළුවන් නිල වශයෙන් ඇමෙරිකාවෙන් මේක හරියටම තහවුරු කරගන්න.
ඔහු ඇමරිකන් පුරවැසියෙක් නොවන බවට සහ පුරවැසි බව අත්හළ අයකු බව දන්වන ලේඛනයේ ඔහුගේ නම තිබිය යුතුයි නේද? මෙය මහා භයානක තත්වයක්... ඇමරිකන් රජය නිකුත් කරන වාර්තාවේ ඔහුගේ නම නැත්නම් ඔහු තවමත් ඇමරිකන් පුරවැසියෙකි.
ඉහත දක්වා ඇති ප්‍රතිචාර සහ නීතිඥයින්ගේ ප්‍රකාශ දෙස බලනකොට ඔවුන් ලංකාවේ ඉන්නේ ඔක්කොම මැට්ටෝ කියලා හිතාගෙන ඉන්නේ... මොකද සල්ලි වලට ඔවුන්ගේ දෙමව්පියනුත් පාවලා දෙනවා. කණගාටුයි මෙහෙම පූර්වාදර්ශ දෙන්න එපා. මොකද අලුත් පරම්පරාව මේවා ප්‍රතික්ෂේප කරනවා.
ඇමෙරිකන් කාරයා ඉංග්‍රීසි භාෂාව දන්නේ නැතුවා වගෙයි..! මහත්තයෝ, CANCEL කියන්නේ CANCELLED කියන එක නොවෙයි. අනේ, මේ, දන්නේ නැති හින්දයි අහන්නේ ඇත්ත කියන්න.. අලි සබ්රි කියන්නේ අර "අලි රොෂාන්" කියන කෙනාගේ අයියණ්ඩිද?
ඔය මහත්තුරු කළ යුත්තේ අමෙරිකාවට ටිකක් අරගෙන ගිහිල්ල ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැහිලා මේක සහථික කර ගන්නයි.
මේ අදහස් දක්වා ඇති අයගෙන් පැහැදිලි වන්නේ, සිංහලයෙක් ජනාධිපති වෙන එකට විරුද්ධ වීමයි. එ්ත් ඔහු ආරක්ෂක ලේකම් වෙලා රට බේරා ගැනීමට කටයුතු කළ වෙලාවේ මේ කවුරුවත් එළියට ආවේ නැහැ. එතුමාට පිංසිදු වන්න දැන් වීරයින් වෙලා සටන් පාඨ දානවා. අදටත් මා දුක්වෙනවා... රණවිරුවන්ගේ නිහඬ සොහොන් කොත් තිබෙනවා දකිනකොට. මගේ පුංචි අම්මගේ බාල පුතා මරුනෙත් මේ යුද්ධයෙන්. 2009 මැයි වලින් පසුව එවැන්නක් සිදු නොවීම ගැන එතුමාට ගරු කරපල්ලා. එ්ත් කිසිම පුරුවැසිකමක් නොතිබුණු පුද්ගලයෙක් මහ බැංකුවේ අධිපති වුණාම කවුරුවත් කටක් හෙල්ලුවේ නැහැ. මහ බැංකු මංකොල්ලය ගැන කතා කලේ නැහැ. ඔබට අවශ්‍ය වන්නේ විනාශවීමට නම් එසේ කරගන්න. එකක් මතක තබාගන්න. විනාශ වන්නේ ඔබ පමණක් නොවේ, රට, ජාතිය සහ ආගමයි..!
මහ බැංකුවේ අධිපතිකමට සිංගප්පූරුවේ පුරවැසියෙක් දානකොට මේ විදියට විරෝධතා ආවා නම් මොනතරම් හොඳද?
මේ පෙන්වන පාස් පෝට් එකේ මුල් කොළය පමණක් පෙන්වූවාම කව්ද දන්නේ ඕක කාගේ එකක්ද කියා... මම දකින්නේ මේකත් ජිල්මාට් එකකින් හදපු එකක් වගෙයි. එ්කත් හරියට කරගන්න බැරිවෙලා.. නැතිනම් cancelled කියා තිබෙන්න ඕන වචනය cancel කියා වදින්නේ නැහැනේ. මොවුන් බොරු කරන්න ගිහින් හත්පොලේම ගාගන්නවා නේද..?
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ඇමරිකාවේ උසාවියකට ඉදිරිපත් කළ චෝදනා පිළිනොගෙනම ඒ නඩුව ඉවත දැම්මා. ඒ තීන්දුව නිවැරදි බව සියලු දෙනාම පිළිගත්තා. නමුත් ඒ නඩු තීන්දුවේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව සටහන් වන්නේ "මතභේදයට ලක් වුණු තත්වයක්"" තියන බවයි. උසාවියක නඩු තීන්දුවක එවැනි දෙයක් ලියැවෙන්නේ වැරදීමකින් නොවෙයි. ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය පැය කිහිපයකින් අර ගත්තා වුණාට ඇමරිකානු පුරවැසි භාවය අත හැරීම 100% නීත්‍යානුකූලව සිදු නොවී ඇති නම් එය සදාකාලිකව සඟවාගෙන ඉන්න බැහැ...
ඇයි එහෙනම් අැමෙරිකන් විදේශ ගමන් බලපත්‍රය... එ්ක ඉරන්න බැරි...?