(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමා කිසිසේත්ම විශ්වාස නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මහනුවරදී අද (19) පෙරවරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඇති නිදහස හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමිවිය යුතු බවත් ඔහු ඇමරිකානු පුරවැසිකම අත්හැර පැමිණියේ රටට සේවය කිරීමට බවත් අමාත්‍යවරයා කීවේය.
අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගි සිටීමට ඉඩ දිය නොහැකි බවත් එසේ කළ හොත් ඔහුගේ මානව හිමිකම් කඩ වන බවත් ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කර ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම පැවසුවේය.
එමෙන්ම ඉතාම ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ අන්තර් කාලීන පාලනයක් පිහිටුවීමට පියවර ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව පැවසූ අමාත්‍යවරයා මේ ප්‍රශ්නය තවදුරටත් ඇදී යාමට ඉඩ දිය නොහැකි බව ද සඳහන් කළේය.
රට ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින හෙයින් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහාය දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
අදටත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 145ක් සිටින බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ජන්දයෙදි පොදුජන පෙරමුණේ ජන්ද 125 ට වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණ බවද සිහිපත් කළේය.
රටේ ප්‍රශ්න විසඳීමට පාර්ලිමේන්තුවේ ඒ බහුතරය ලොකු ශක්තියක් බවද හෙතෙම සඳහන් කළේය.
එසේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත් බහුතරයක් අද විපක්ෂයේ සිටින බවත් ඉකුත් ආණ්ඩු කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංධානය වැනි පක්ෂ හිටියේද වත්මන් ජනාධිපතිවරයා සමඟ බවත් ඔහු කීවේය
ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම කාටත් වඩා ඔවුන්ට පහසු යැයිද අමාත්‍යවරයා පැවසීය.
සර්වපාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවකට සහය දෙනවානම් සද්භාවයෙන් එය කරන්නැයි විපක්ෂ නායකවරයා ගෙන් ඉල්ලා සිටින බව පැවසූ රණතුංග මහතා අමාත්‍යවරුන් පත්කිරීමේදී ඒ සඳහා සුදුසු පුද්ගලයන් නම්කිරීමේ බලය පක්ෂවලටම ලබාදීමට තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය නෙවෙයි, ඔය දූෂිත පවුල් පාලනේ උදවිය රටට කරපු විනාශයට ආයේ ජීවිතේටම දේශපාලනේට එන්න ඉඩදෙන එකක් නැහැ... හරි නම් දූෂිත පවුලේ හැම කෙනාම, ඉන්න ඕනේ හිරේ.
ආවත් කවුද එයාට ඡන්දෙ දෙන්නේ...?
ගෝඨාභය බැරි දේශපාලනයක් කරන්න ගිහින් රටත් කාලා වරිගෙත් නසාගත්තා. දේශපාලනයේදී ඔහු අසමත්...
ඔහෙත් ගියානම් නේද ඇඟට ගුණ...!
ඇදුම් රහිතවයි එන්න ඕනෙ .
මිනිස්සු සරණාගතයින්ට ඡන්දෙ දෙන්නේ නෑ...
දැන්වත් තමුන්ගේ නොදන්නාකම සහ බැරිකම තේරුම් ගත්තා නම් ලොකු දෙයක්.. අර නූගත් ආර්ථික ආර්ථික මොලහතේ උන්දෑටත් මේ ටික තේරුම් කරලා දුන්නොත් හොඳයි. අනේ ඉතින් හොර වැඩම විතරයි කියන්න තියෙන්නේ...
ආයේ ගෝඨාභයට දේශපාලනයට එන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් සිදුවූ දේවල් වල හැටියට ලැජ්ජාවක් තියෙනවා නම්, එන එකකුත් නැහැ. ඒත්, ලැජ්ජා නහරේ කපලා තියෙන නිසා එයිද නොඑයිද කියලා කියන්නට බැහැ...
ගෝඨාභය විතරයක් නෙවෙයි ඔය කෙනත් ඉඳලා වැඩක් නෑ. පොහොට්ටුව මුළු රටම මාස 30 කින් බංකොළොත් කෙරුවා. අපි තමයි හොඳටම කෙරෙුවෙ.
නිරාගමික JVP ත්‍රස්තවාදීන්ට ඕනෑ විදිහට රට පාලනය කරන්න බෑ.. ඔවුන් දන්නේ ගෙවල් ගිනි තියන්න විතරයි..
ගෝඨාභය දේශපාලනයට. එන්න කළින්... රටට අතුල් වෙන්න ඕනෑ. ලැජ්ජාවක් තියෙනවා නම්. කොන්දක් තියෙනවා නම් හිඟාකෑවත් එන්නේ නැහැ.. නියම පිරිමියෙක් ගෝඨාභය, නාමල් බේබි දැනුමකින් නෙමෙයි ඉන්නේ... මහින්දගේ හොරපත්විම්වලින්. ඒවල ඵල විපාක තමයි මේ... නැවත රෙද්දක් ඇඳන් එන්න බැරි තරමට පීචන් වුණා.. මුළු පවුලම ගුරුකම්වල ඵල විපාක... ලෝක හොරෙක් පිළිගන්න බලන් ඉන්න එකම රට. වෙන රටවල්... මේ වෙලාවට. මාංචු ලෑස්ති කරන් ඉන්නේ...
උබලා වගේ කප්පම් කාරයෝ එක්ක මොන දේශපාලනයක්ද
අපේ රටේ ජනාධිපති වෙන්න දේශපාලනය කරන්නම ඕනේ නැහැ.පන්සලේ නවගුණ වැල ගැන ගැන උන්නත් ගෙනල්ලා ජනාධිපති පුටුවේ වාඩි කරනවා
ආවොත් සලකන හැටි ජනතාව හොඳාකාරවම දන්නවා.. නුදුරු අනාගතයේදීම ඔබ සහ ඔබේ සගයන්ට ලැබෙන්නෙත් මේ සැලකිලිම තමයි.
එහෙම කියන්න එපා. 1952 ආණ්ඩුව දාලා ගිය ඩඩ්ලි නැවත බලයට ආවා නම් ඇයි ඝෝඨාභයට බැරි...? අරගලකරුවනට ප්‍රේමදාස ක්‍රමයට වැඩ කෙරුවානම් පැනලා ගියා කියන්නේ නැහැ නේද? අරගලකරුවන්ට කෙරෙන්න ඕනේ විදිහට වැඩ ටික කෙරේවි... වැද්දන්ට ඕන විදිහට රට කරන්න දෙන්න බැහැ. එක්කෙනක් මාසතුනක රැඳවුම් කාලයකට ගියේ...
ගෝඨාභය විතරද? මුලු පොහොට්ටුවටම එච්චර තමයි. ඡන්දය ඉල්ලලා බලමු නේද ඉදිරියට....