
(බී. ජී. චතුරංග,උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබි ස්වංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා උණ්ඩ තවත්ක 3000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි.
කුඹුරට ගොස් ආපසු එමින් සිටි ගොවියකු කකුල සේදීම සඳහා ගැටලාව වැවට බැසිද්දි ජලයේ තිබූ උණ්ඩ කිහිපයක් දැක තිබූ අතර, මේ පිළිබඳව (119) පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වූ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්. එම්. එම්. ඩී. එන්. චතුරංග මුරමුදලි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂාවකදී, පතුරම් 5,038 (පන්දහස් තිස් අටක්) ප්‍රමාණයක් හමු වූ බව පොලිසිය සදහන් කළේය.
විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ස්ථානයේ තවදුරටත් පරීක්ෂා කිරීමේදී මැගසින් 11ක් , උණ්ඩ 3150 (තුන්දහස් එකසිය පනහක්) සොයා ගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
එම උණ්ඩ තොගය කවුරුන් විසින් ගැටලාව වැවට මුදා හැරියේද යන්න සහ යම් අපරාධ ක්‍රියාවකට ගෙනාවේද යන්න දැන ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.



2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැටලාව වැවෙන් තවත් උණ්ඩ හමුවේ
Bunny Preena Thursday, 14 August 2025 04:02 PM
වෙඩි තැබීමේ සංදර්ශනයක් පවත්වන්න කවුරුහරි ප්ලෑන් කරලා වත්ද? NPP රජයට මොන විදිහකින් හරි අපහසුතාවයකට පත්කිරීමට කරපු වැඩක්ද? එහෙමත් නැතිනම් පාතාල කල්ලිවලට සපයන්න ගෙනැවිත් සඟවා තැබුවා වත්ද?
Prabath Thursday, 14 August 2025 05:46 PM
කවුරු හරි ලංකාවේ පොලිසියට අත් වැසුම් අරන් දෙන්න. හැම අපරාධයකම මේ අය ආයුධ සාක්කි අත ගාන්නේ අත් වැසුම් නැතුව...!