
(අජන්ත රත්නායක)
දොඩම්ගස්ලන්ද,තෙලඹුගල්ල ප්‍රදේශයේ නිවෙසක සවිකර තිබූ යකඩ ගේට්ටුවක් වැටීමෙන් වයස අවුරුදු 3 ක දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි මදුරාගොඩ පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හිරිපිටිය,තිත්තවැල්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ඉර්ෂාඩ් මරියම් නැමැති දැරියකි.
දැරිය මෙම අනතුරට ලක්ව ඇත්තේ තෙලඹුගල්ල ප්‍රදේශයේ පිහිටි ඇගේ මවගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදීය.
අනතුර සිදුවන අවස්ථාවේ දී මෙම දැරිය සහ ඇගේ ඥාති සොහොයුරෙකු වන සිව් හැවිරිදි දරුවකු මෙම ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටි බවත්, දරුවන් දෙදෙනා අදාල ගේට්ටුවේ එල්ලෙන්නට හෝ තල්ලු කරන්නට උත්සහ කර ඇති බවත් ලංකාදීපයට අදහස් දැක්වූ දරුවන්ගේ ඥාතියෙකු පැවැසීය.
එහිදී ගේට්ටුව රඳවා තිබූ පීල්ලෙන් ඉවතට පැන දරුවන් මතට ඇද වැටී ඇති බවත්, දරුවන් දෙදෙනාම ඊට යට වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන්, රෝහල් ගතකරන අවස්ථාව වන විටත් දැරිය මිය ගොස් සිට ඇති අතර, හිසට සහ පාදයකට සිදු වූ බරපතල තුවාල සහිතව අනෙක් දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලස්සන සිඟිති සුරූපී දැරියව මරන්නම කියලා ප්ලෑන් කරලා තියෙන්නේ කුරුනෑගල පැත්තේ ඉන්න සිංහල මිනී මාරු සුරුට්ටුවන්ය.ඔය සුරුට්ටුවන් මේ අවුරුද්ද නිම වෙන්නට කලින්ම වැහි නැති හෙන ගහලා පිච්චිලාම පලයල්ලා.
ඇත්තෙන්ම මීට වඩා දරුවන් කෙරෙහි දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුයි. පව් අසරණ දරුවා.
බොහොම කණගාටුදායක පුවතක්... පොඩි ළමයින් එළියේ සෙල්ලම් කරනකොට ඒ ගොල්ලෝ මොනවද කරන්නේ කියලා වැඩිහිටි අය විමසිලිමත් විය යුතුයි. නොසැලකිලිමත් කමේ තරම දැන් පේනවා නේද? අපරාදේ, කිසිවක් නොදත් අහිංසක සෙල්ලක්කාර දරුවෙකුගේ ජීවිතයක්..