
(ඉන්දිකා රාමනායක)
කයිට්ස් මණ්ඩතීවි ප්‍රදේශයේ නිවසක කේරළ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනකු ප්‍රදේශවාසී පිරිසක් සිරකර ගෙන පහර දෙමින් සිටියදි පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව එම පිරිස මුදාගත් බව කයිට්ස් පොලිසිය පවසයි.
මෙලෙස මුදාගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකි.
මණ්ඩතීව් පහ කොටස ප්‍රදේශයේ නිවසක කේරල ගංජා තොගයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම පිරිස ඊයෙ (27) සවස අදාල නිවස පරීක්ෂාවට ලක් කොට ඇත.
පරීක්ෂාවට ලක් කළද එහි කේරල ගංජා හමුවී නොමැති අතර, ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් මෙම නිවසේ කේරල ගංජා ඇති බවට තොරතුරු ලබා දුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු විමසූ බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් එම නිවස තුළ නිලධාරීන් රඳවාගෙන ඔවුන්ට සාපරාදී බලහත්කාරකම් පාමින් ඔත්තුව ලබා දුන්නේ කවුද යන්න විමසමින් සිටියදී , මණ්ඩතියූ දේවස්ථානයේ පියතුමා එම ස්ථානයට පැමිණ පිරිස ග්‍රහණයේ සිටි නිලධාරීන් දේවස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගංජා අල්ලන්ක ගිය පොලිසිය හතරක් සිරකරගෙන
මංජුල Monday, 28 July 2025 01:56 PM
මේක හතර බීරි කතාවක්නේ බේරාගත්තේ පියතුමාද? STF එකද?
ජිල්බු Monday, 28 July 2025 04:45 PM
පියතුමා ගලවා ගත්තා, STF බේරාගත්තා.
Perakum Monday, 28 July 2025 04:48 PM
හුඟක් තැන්වල STF එක ලකුණු දාගන්නේ ඔහොම තමයි.
ශාන්Monday, 28 July 2025 08:20 PM
ඇත්තද කියලා බලන්නත් එක්ක ට්‍රයි එකක් දාලා බලන්න. STF එක ලකුණු දාගන්නේ කොහොමද කියලා හරියටම දැන ගන්න පුළුවන් එතකොට.
PerakumMonday, 28 July 2025 09:21 PM
මටත් හිතෙනව ශාන් හරි ඇති කියල. ට්‍රයි කරල බලන්න ඕන නෑ. අන්තිමට අපිව බේරගන්න කවුරුත් නෑ.
ජිල්බුTuesday, 29 July 2025 10:32 AM
බේරගැනීම මං දන්නෑ, හැබැයි ගලවගන්නව කියල සමහර තැන්වල ලොකුවට ලියලම තියෙනවා. බය නැතුව ට්‍රයි කරන්න.