
(ආරියරත්න රණබාහු )
කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපතිව වැඩ විසු අපවත් වී වදාල ආචාර්ය ඥානීස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද සහ ඊයේ යන දිනවල ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ඥානීස්සර නාහිමියන් වෙනුවෙන් ධර්ම දේශනයක් සහ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.
එම ධර්ම දේශනාව රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ පැවැත් වූහ.
මෙහිදී පිළිගැනීමේ අනුශාසනාව විහාරාධිපති ආචාර්ය කිරීන්දේ අස්සජි හිමියෝද ත්‍රෛනිකායික මහා සංඝරත්නය පිළිගැනීම පානදුර ගඟුල විශුද්ධාරාමාධිපති තන්තිරිමුල්ලේ සරණ හිමියෝද සිදුකළහ.






ඡායා ඉසුරු පෙරේර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd