IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවගම්කෝරලය ප්‍රධාන සංඝනායක  අපවත් වී වදාළ ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා (05) පස්වරු 3.00  විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගනයේදී සිදුකෙරේ.

ඥානිස්සර හිමියන්ගේ දේහයෙ හෙට (3) පෙරවරුවේ 6.00 සිට සඳුදා ආදාහන කටයුතු සිදු කෙරෙන තුරු අවසන් බුහුමන් දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බව විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ පැවසූහ.

අපවත් වන විට 81 වැනි වියේ පසු වූ උන්වහන්සේ වඩාත් ප්‍රචලිත වූයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමිනි.

උන්වහන්සේ රටට දැයට සමයට සසුනට නොමියෙන අමිල මෙහෙවරක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමක් ද වේ.

සම්ප්‍රදායිකත්වයේ නොගිලි නූතනයට ගැලපෙන සේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ හැඩ කළ උන්වහන්සේ දායකයා පන්සලට නොව පන්සලෙන් දායකයාට යන තේමාව ඔස්සේ මහා සසුන් මෙහෙවරක් ඉටු කළහ.

කොලම්පුර  මහා සංස්කෘතික මංගල්‍යය නමින් හැඳින්වෙන කොළඹ ගංගාරාම නවම් මහා පෙරහර විවිධ විචිත්‍ර අංගයන්ගෙන් වර්ණවත් වූ අසිරිමත් සංස්කෘතික මංගලයක් බවට පත් කිරීමට කටයුතු කිරීම පමණක්ම උන්වහන්සේගේ සංවිධාන ශක්තියට කදිම නිදසුනකි.

කොළඹ ගංගාරම විහාරස්ථානය දෙස් විදෙස් සුපතළ ධර්ම නිකේතනයක් බවට පත් කිරීමට උන්වහන්සේ සිය ජීවිත කාලයම කැප  කළ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් අමතක නොකරන ආගමික ස්ථානයක් වේනම් ඒ කොළඹ හුණු පිටියේ ගංගාරාම විහාරස්ථානයවේ.

වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නමින් ප්‍රකට එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී  ස්වාමීන් වහන්සේ නමක් ද වේ.



අදහස් (1)

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා

Lalla Saturday, 03 August 2024 12:55 PM

ජාති ආගම් භේද නොතකා රටේ අධ්‍යාපනය කඩාකප්පල් වූ තරුණ පරපුරේ කුසලතා දියුණුවට අතදුන් උත්තමයෙක්. දස දහස් සංඛ්‍යාත පිරිසකට තමන්ට ජීවනෝපාය සලසාගත හැකි වෘත්තීය අධ්‍යාපනය දුන්නු නියම අධ්‍යාපනඥයෙක්... සමාජ සේවකයෙක්... නිවන් සුව ලැබේවා...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site