IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංගානි - මහින්ද මැතිවරණ කොමිසමට කැඳවිය යුතුයි

(යොහාන් භාසුර)

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මැතිවරණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතු බවත් එම නිලධාරීන් ඉතාම පැහැදිළිව රටේ උත්තරීතර නීතිය කඩ කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට උත්සහ කරන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් කල්දැමුව ද තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනවල කිසිඳු වෙනසක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මැතිවරණය පැවැත්වීමේ කිසිඳු වෙනසක් නොමැති බව ද සඳහන් කළේය.

මැතිවරණය නියමිත දිනට පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාාවක් දී ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණය පැවැත්වීමට උපරිම සහයෝගය දීමට අනිවාර්ය වගකීමක් ඇති බවත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සම්පූර්ණ මුදල ඉල්ලා සිටීමෙන් ඡන්ද වැලැක්වීමේ උත්සහය ප්‍රදර්ශනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය ගංගානි ලියනගේ මහත්මිය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 410 ක් ඉල්ලා සිටිය ද රජයේ සංදර්ශනයක් වූ නිදහස් උළෙලේ විවිධ දේවල් මුද්‍රණය කිරීමට මුදල් නොඉල්ලා එයට සංහයෝගය දුන් බව කී ඒ මහතා පැවසුවේ සියලුම සම්පත් ඇති රජයේ මුද්‍රණාලයට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සම්පූර්ණ මුදල අවශ්‍ය නොවන බවත්ය.  

මුද්‍රණාලයේ අධිපතිනිය මුදල් ඉල්ලුවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන  මුදල් නොදෙන බව කී මහාචාර්යවරයා මුදල් නොදීම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.  



අදහස් (2)

ගංගානි - මහින්ද මැතිවරණ කොමිසමට කැඳවිය යුතුයි

sampath Wednesday, 15 February 2023 04:53 PM

එහෙමවත් කරලා බලමු....

:       1       6

sharm warn Wednesday, 15 February 2023 05:20 PM

කොමිසමට කැඳවලා කරයි. ඔහෙත් මේකට 100%ක් වගකියන්න ඕනෑ. ඒ කාලෙ ගියානේ රෙද්ද කරට අරන් හොරු රජකරවනවා. දැන් මැරෙන්න වෙන්නේ මේ පවු සිහි කරකර....

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site