(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඛනිජ තෙල් සංස්ථාවේ පමණක් වත්මන් ණය බර ට්‍රිලියන 1.2 ක් බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 290 ක ණය බරක් තිබෙන බවද අමාත්‍යවරයා කීය.

ඛනිජ තෙල් සංස්ථාව වැඩිම වියදම දරා ඇත්තේ මිනිසුන්ට සහනාධාර දීමට බවද කොරෝනා කාලයේ බොරතෙල් ගේන්න මිලියන හැටක් ලංකා බැංකුවෙන් ණයක් ගෙන ඛනිජ තෙල් සංස්ථාව බැංකුවට බඳින්නේ මිලියන 40ක් බවද තෙල් ගේන ගාන සහ විකුණන ගාන අතර වෙනස නිසා මෙලෙස පාඩු විඳින්නට සිදුවී ඇති බවද අලුත්ගමගේ මහතා කීය.

විදුලි බල මණ්ඩලයේ පාඩුවටත් ප්‍රධාන හේතුව විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන මිල සහ පාරිභෝගිකයාට විකුණන මිල අතර වෙනස යැයිද අලුත් ගමගේ මහතා පැවසීය.