(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඩීසල් තොග නොමැති බව එම සමාගමේ උසස් නිලධාරියෙක් අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් සහිත නෞකාව මෙරටට ළගාවී දින තුනක් ගතවී තිබුණ ද එහි ඇති ඩීසල් තොගය ලබාගැනීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී එම නිලධාරියා ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.
සෙනසුරාදා ළගාවූ පෙට්‍රල් නෞකාවේ තොගය ලබාගැනීමට හැකිවීම නිසා දින කීපයකට පෙට්‍රල් තොග ඇති බවත් සාමාන්‍ය කාලයකදී මාසකට ඉන්ධන නෞකා පහක් හෝ හයක් ළගා බවත් එම නිලධාරියා කීය.
කෙසේ වෙතත් පෙට්‍රල් ලබාගැනීමට ද ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.
රට පුරා ඉන්ධන පිරවුම්හලවල අද (22) පෙරවරුව වන විට ඩීසල් නොමැති තත්වයකට පත්ව තිබූ අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ඇතුළු සේවාවන් රැසක් අඩපණ වන තත්වයකට පත්ව තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඛනිජ තෙල් තොග ගබඩාවේ ඩීසල් නෑ