(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක් වෙන්වූ වෙනම කලාපයක් ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම කලාපයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුටවත් පිවිසීමට හැකියාවක් නැති බව කී වීරවංශ මහතා මේ කාරණය බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද කීය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතියක් එක් කර තිබෙනවා. එහි බිදවැටීමක් වන විට එය ජාතියට ම බලපානවා.සාකච්ඡා කරන්න මාතෘකා දස දහසක් තිබෙන රටක ඒ සියල්ලටම වඩා මේ මාතෘකාව උඩට ඇවිල්ල තිබෙන්නේ ඒ නිසයි.බිලියන හයක ලාභයක් ලබා තිබෙන බව ක්‍රිකට් පාලක මණ්ඩලය කිව්වා.
ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටෙව්වේ ලාභ ලැබීම සඳහා නොවෙයි.පාසල් මට්ටමේ සිට ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ වගකීමයි.එහෙම නැතුව බිලියන හයක් ලාබයි හතක් ලාබයි කිව්වම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යභාරය ඉටු කර ඇතැයි කියැවෙන්නේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන තනාපතිද ඔහොම කියන්න කියලා උගැන්නුවෙ ?
කතාවක් තියෙනවා පසුගිය ආසියානු සුරතා අවසන් තරඟයේදී පිච් එක ඉන්දියා කණ්ඩායමට ඕනි විදියට සකස් කර ගත්තේ එතන සේවය කරන අයට අතයට ගනුදෙනුවක් කර බවට. මොකද එතන වැඩ කරන අයට ඉන්දියාවෙන් සන්තෝසමක් එහෙම දීලා ගියානේ.
මෙයා දන්න දේවල්... මේවනේ කරන්න වටින්නේ...
ඉන්දියන් ක්‍රීඩකයෝ දැන් පුහුණු වෙන්නේ ලංකාවේද?
ප්‍රභා හරිම ගොනෙක්...!
ඔබලා බොරුවෙන් ඉපදුණු සත්වයින් කොටසක්.... ඔබලා නැටවෙන්නේම බොරුවෙන්මයි...